7 වැනි වලව සුපර්ක්‍රොස් | දිනමිණ

7 වැනි වලව සුපර්ක්‍රොස්

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යතුරු පැදි සමාජයේ මෙහෙයවීමෙන් 7 වැනි වලව සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය පසුගියදා සෙවනගල දී පැවැත්විණි. එම තරගාවලියේ සම අනුග්‍රාහකයකු ලෙසපිරිමි නිමි ඇඳුම් පැළඳුම් ක්ෂේත්‍රය තුළ උසස් තත්ත්වයේ නවීන විලාසිතා අතර ප්‍රමුඛ ආයතනයක් වන ‘රෆ්‘ ටී ෂර්ට් කටයුතු කළේය. එහි වෙළෙඳ කලමනාකාර සුලේමාන් අහමඩ් මහතා වලව සුපර්ක්‍රොස් තරගාවලියේ එම්. කාණ්ඩයේ ස්ට්‍රීට් ට්‍රේල් දෙවැනි යතුරු පැදි තරගය ජයගත් ශානුක සඳරුවන්ට කුසලානය පිරිනැමූ අයුරු. ජයග්‍රාහක ශානුක සඳරුවන් සහ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඉවෝන් බී.ගුරුසිංහ සහ තුන්වැනි තැනට පත්වූ ළහිරු ජීවන්ත සම්මාන ලැබීමෙන් පසුව.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...