එළ­වළු තෙල්ව­ලට පොල් තෙල් පරාදයි | දිනමිණ

එළ­වළු තෙල්ව­ලට පොල් තෙල් පරාදයි

යශෝදා ඉන්දී­වරී
 

වර්තමානය වනවිට වෙළෙඳ පොළේ දක්නට ලැබෙන්නේ කෘත්‍රිම ද්‍රව්‍ය ය. ඒවායේ කිසිදු ගුණයක් නොමැත. ශරීරයට ද ඉතා අහිතකර ය.

අප ආහාරයට ගන්නා තෙල් වර්ග අතුරින් පොල් තෙල් සුවිශේෂ වන්නේ, එය ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන නිසා ය. එය, සෑම නිවෙසකම පාහේ ආහාර පිසීමට ගන්නා තෙල් වර්ගයකි. මෙහි අඩංගු වන්නේ ස්ටියරික් සහ පම්ටික් මේද අම්ලයි. මේවායින් ස්ටියරික්, සංතෘප්ත මේද අම්ල වශයෙන් ද පැවතිය හැකි ය. පාම්ටික් මේද අම්ලය 18%ක් අඩංගුවේ. මේ දෙකම දිගුදාම මේද අම්ල ය.පොල්තෙල්වල කොලොස්ටරෝල් අඩංගු නොවුණත්, ශරීරය තුළ ස්ටිරියරික් හා පම්රිට් අතිරික්තයක් තිබුණහොත්, එමඟින් ශරීරය තුළදී කොලොස්ටරෝල් නිපදවීම සිදුවේ. එවිට හෘද රෝග වැඩිවී, අසාධ්‍ය විය හැකි ය. එසේ ම, පොල්තෙල්වල අඩංගු සංඝටක වන මේද අම්ලවල ගුණ නිසා, එහි තාපාංකය හා ද්‍රවාංකය වැඩිවන අතර, සාමාන්‍ය උෂ්ණත්වයේදී එය පවතිනුයේ ද්‍රවයක් වශයෙනි. මේ නිසා, ගැඹුරු තෙලේ බැදිමට එය ඉතා සුදුසු ය. මේවායේ සංතෘප්ත මේද අම්ල වැඩිපුර අඩංගු වන බැවින්, බැදීමේදී මුක්ත ඛණ්ඩක සැදීම ද ඉතා අඩු ය. එම නිසා, පිළිකා සෑදීම ද අඩු ය. සංතෘප්ත මේද සෑදීම ද ඉතාමත් ම අඩු ය. මේවා සීමිතව පාවිච්චියට ඉතා හොඳ ය. එබැවින්, මේවා එළවළු තෙල්වලට වඩා ඉහළ අගයකින් යුක්ත ය. එයට හේතුව, මෙහි අසංතෘප්ත මේදය එතරම් අඩංගු නොවන නිසා , මුක්ත ඛණ්ඩක හෝ සංතෘප්ත මේද සැදීම අඩු වීම ය.එම නිසා, පොල් තෙල් ඉතා අගනා තෙල් වගයකි. එනමුත් වැඩිපුර භාවිතය හොඳ නැත.

පොල් තෙල්වල කොලොස්ටරෝල් අඩංගු වන බැවින්, එය ආහාරයට ඉතා අගුණ බව, සමාජයේ පවතින බියකි . එහෙත්, එසේ බිය විය යුතු නැත. සීමිතව පාවිච්චිය ශරීරයට ගුණදායක ය.පොල් තෙල්වල මිල ද එළවළු තෙල්වලට වඩා අඩු ය. අපේ පැරැන්නන් වසවිස පෙවුණුවිට, එම පුද්ගලයාට බීමට දුන්නේ පොල් කිරි ය. ඒ, පොල් කිරි මඟින් විස අවශෝෂණය කර ගන්නා නිසා ය. මේ නිසා, එළවළු තෙල්වලට වඩා, පොල් තෙල් සීමිතව ආහාරයට ගැනීම ඉතා ගුණදායක ය. ලාභදායී ය.

තොරතුරු - පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

නව අදහස දක්වන්න