හලබ්ජා භූ චලනයෙන් 140ක් මරු දකිති | දිනමිණ

හලබ්ජා භූ චලනයෙන් 140ක් මරු දකිති

ඉරාණයේ ප්‍රභල භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භූ චලනයෙන් 1000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 7.3 කි.

ඉරාකයට අයත් හලබ්ජා නගරය ආසන්නයේ කිලෝමීටර් 34 ක් පොළොව අභ්‍යන්තරයේ භූ චලනය සිදුව තිබේ.

ඉරාන බලධාරීන් පවසන්නේ භූ චලනයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

භූ චලනයත් සමග එම කලාපයේ බොහෝ පිරිස් සිය නිවාස අතහැර මංමාවත්වලට පිවිසියහ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

නව අදහස දක්වන්න