සාන්ත ජෝසප්-නාවල ජනාධිපති බාලිකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා දිනයි | දිනමිණ

සාන්ත ජෝසප්-නාවල ජනාධිපති බාලිකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා දිනයි

ප්‍රින්ස් ගුණසේකර
දක්ෂතම ක්‍රීඩිකාව වූ සදිනි කවීෂා හා දක්ෂතම ක්‍රීඩකයා මෙන්ඩිස් අබේසේකර

 

කොළඹ සාන්ත ජෝසප් හා නාවල ජනාධිපති බාලිකා විදුහල 48වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා සමස්ත ශූරතා දිනයි.

නාවල ජනාධිපති බාලිකා විදුහල ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙවර සටහන්වීම කැපී පෙනේ.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැති මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි අංශයේ අනු ශූරතාව මාතර රාහුල හා තෙවැනි ස්ථානය මීගමුව මාරිස්ටෙලා විදුහලට හිමි විය. කාන්තා අනු ශූරතාව රත්නපුර සුමන බාලිකා විදුහල දිනාගත් අතර තෙවැනි ස්ථානය මීගමුව ආවේ මරියා විදුහලට හිමි විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහ විදුහලේ මෙන්ඩිස් අබේසේකර සම්මාන දිනාගත් අතර දික්වැල්ල විජිත මැදි මහ විදුහලේ සදිනි කවීෂා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. සිලෝන් බිස්කට් සමාගමේ රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව තරග වාර්තා 22ක් බිහිවීම කැපී පෙණුනි.

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ නව තරග වාර්තා මෙසේය.

15න් පහළ පිරිමි

මීටර් 100 තත්පර 11.1 එච්. එස්. මවුලානා (ගාල්ල මහින්ද විදුහල)

මීටර් 200 තත්පර 22.6 එච්. එස්. මවුලානා (ගාල්ල මහින්ද විදුහල)

මීටර් 400 තත්පර 51.1 අයි. කේ. බී. අබේවර්ධන (මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය)

මීටර් 800 තත්පර 2: 04.9 එච්. එස්. මවුලානා (මාදම්පේ සේනානායක වි.)

දුර පැනීම මීටර් 6. 52 එච්. එම්. අබේසේකර (බලපිටිය සිද්ධාර්ථ විදුහල)

කවපෙත්ත විසිකිරීම මීටර් 53.23 සුසීන්ත කුමාර මිතුන්රාජ් (පේදුරුතුඩුව හාට්ලී විදුහල)

මීටර් 100 සහය දිවීම තත්පර 46.3 සාන්ත ජෝසප් විදුහල

මීටර් 400 සහය දිවීම විනාඩි 3:44.3 මීගමුව මාරිස්ටෙලා විදුහල

15න් පහළ කාන්තා

මීටර් 400 තත්පර 51.1 කේ. එස්. එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා විදුහල)

දුර පැනීම මීටර් 5. 47 සදිනා කවීෂා (දික්වැල්ල විජිත විදුහල)

කවපෙත්ත විසිකිරීම මීටර් 35.46 හේෂාණී මහේෂිකා (කදාන සා.සෙබස්තියන් විදුහල) 14න් පහළ පිරිමි

මීටර් 400 තත්පර 55.1 ආර්. එස්. ජයසුන්දර (කුරුණෑගල සර් ජෝන් කොතලවල විදුහල)

උස පැනීම මීටර් 1. 75 උදිල් විදසරිත් (පන්නිපිටිය ධර්මපාල විදුහල)

මීටර් 80 කඩුලු පැනීම තත්පර 11. 5 නදීව් දුල්නිත් (මාතර රාහුල වි.)

මීටර් 100 සහය දිවීම තත්පර 47.8 කුරුණෑගල සර් ජෝන් කොතලවල විදුහල

14න් පහළ කාන්තා

මීටර් 80 කඩුලු පැනීම තත්පර 12. 7 එස්. ඩී. කහන්ගම (සුමන බාලිකා විදුහල)

මීටර් 200 තත්පර 26. 4 ආර්. ජී. විජේරත්න (කොළඹ ආනන්ද බාලිකා විදුහල)

13න් පහළ කාන්තා

මීටර් 100 තත්පර 43.0 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල)

දුර පැනීම මීටර් 4. 88 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල)

මීටර් 80 කඩුලු පැනීම තත්පර 13. 9 තුෂාරී හන්සිකා (දික්වැල්ල විජිත විදුහල)

මීටර් 200 තත්පර 26. 7 රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල)

12න් පහළ පිරිමි

මීටර් 100 සහය දිවීම තත්පර 54.7 මහනුවර ත්‍රිත්ව විදුහල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...