ත්‍රස්තවාදයට එරෙහිව ට්‍රම්ප් - ෂී ජින් පින් එක්වෙයි | දිනමිණ

ත්‍රස්තවාදයට එරෙහිව ට්‍රම්ප් - ෂී ජින් පින් එක්වෙයි

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා මෙන්ම දකුණු ආසියාවේ ස්ථාවරභාවය සහ සාමය උදෙසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර එකඟතාවක් ඇති වූ බව චීනය ප්‍රකාශ කලේය.

චීනය - ඇමරිකානු නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ඇෆ්ගනිස්ථානය උදෙසා කටයුතු කිරීමට ද එකඟ වූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීම දෙරටේම පොදු අපේක්ෂාවක් බව ප්‍රකාශ වී තිබේ.

අන්තවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් ජනතාව මුදා ගැනීමට කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ. 

ඒ සඳහා එක්ව කටයුතු කිරීමට නායකයින් අතර එකඟත්වය පළ වී ඇති අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීජිං පැමිණියේ ජනපති ධූරයට පත් වීමෙන් පසු සිය ප්‍රථම චීන චාරිකාව සඳහායි. 

නව අදහස දක්වන්න