ජාතික සත්වෝද්‍යාන සඳහා Ford Ranger පික්අප් රථ | දිනමිණ

ජාතික සත්වෝද්‍යාන සඳහා Ford Ranger පික්අප් රථ

ෆෝර්ඩ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ෆියුචර් ඔටෝ මොබයිල්ස් පුද්ගලික සමාගම Ford Ranger පික්අප් රථ තුනක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත භාර දෙයි.

මෙම සිංගල් කැබ් වර්ගයේ පිකප් රථ තුන හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සේවය සඳහා භාවිත කිරීමට නියමිතව තිබේ. එම උද්‍යානය අක්කර 500ක භූමියක් පුරා පැතිරුණු උද්‍යානයක් වන අතර එම උද්‍යානය තුළ සේවක ප්‍රවාහනය, සතුන්ට ආහාර ප්‍රවාහනය කිරීම ආදී කාර්යයන් සදහා මෙම පික්අප් රථය භාවිත කිරීමට අපේක්ෂිතය. Duratorq TDCi 2.2L සහ 3.2L VG Turbo ඩීසල් එන්ජිමකින් සමන්විත Ford Ranger පික්අප් රථය නවතම ගියර් 6ක ගියර් පද්ධතියකින් සමන්විත වෙයි.

මෙම රථයේ පසුපස කොටස භාණ්ඩ පැටවීම සහ රැගෙන යාම සඳහා වැඩි ඉඩකඩක් සහිතව නිමවා ඇති අතර කිලෝග්‍රෑම් 3500ක බරක් මෙහි රැගෙන යා හැකිය. මෙම පික්අප් රථය මිලි මීටර් 800ක් ගැඹුරු ජලය මතින් ධාවනය කරවීමේ සුවිශේෂී හැකියාවෙන් යුක්ත වන අතර රළු බොරළු සහිත පාරවල් වලට ඔරොත්තු දෙන off-road හැකියාවෙන් යුක්ත රථයකි. “රළු බවින් නිමවූ Ford“ යන උදෘත පාඨය තව දුරටත් තහවුරු කරමින් ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන ආකාරයට ඉතා සවිමත් ලෙස මෙම Ford Ranger රථය නිපදවා තිබේ.

Ford Ranger රථය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට තරු පහේ ANCAP ශ්‍රේණිගත කිරීම ලත් පික්අප් රථයක් වෙයි.

ෆියුචර් ඔටෝ මොබයිල්ස් හි ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ Ford Ranger රථය තාක්ෂණයෙන් උසස් මෙන්ම නිසි තත්වයෙන් සමන්විත රථයක් බවයි. ඉහළ අශ්වබල ධාරිතාවකින් යතු බල සම්පන්න, ඉන්ධන පිරිමැස්මක් සහිත එන්ජිමකින් සමන්විත මෙම රථය රියදුරාගේ සහ ඉදිරිපස අසුනේ ගමන් ගන්නාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම පහසුකම් සලසා ඇති රථයක් බව ද පෙන්වා දුන්නේය.

මීට අමතරව Ford Ranger රථය අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ බව පෙන්වා දුන් චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ 2017 වසරේ පැවති මැදපෙරදිග කලාපයේ වසරේ මෝටර් රථය යන සම්මාන උළෙලේ දී “හොඳම මධ්‍ය ප්‍රමාණයේ ට්‍රක් රථය“ ලෙස Ford Ranger රථය පිදුම් ලැබූ බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...