මාස් සහ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම් රසායනික කල්බදු ගිවිසුමක | දිනමිණ

මාස් සහ ජැට් හෝල්ඩින්ග්ස් සමාගම් රසායනික කල්බදු ගිවිසුමක

2015 දී ලොවට ප්‍රථම වරට හඳුන්වාදුන් අපජල ප්‍රතිකාරණය උදෙසා යෙදෙන රසායනික කල්බදු ගිවිසුම් ආකෘතිය ශ්‍රී ලංකාවේ ද ප්‍රථම වරට හඳුන්වා දෙමින් MAS Active Linea Intimo ආයතනය සහ JAT හෝල්ඩින්ග්ස් එක්ව රසායන කල්බදු ගිවිසුමකට අත්සන් තබනු ලබයි.

මෙහි දී JAT ආයතනය විසින් හුදෙක් යම් නිෂ්පාදනයක් අලෙවි කිරීමට වෙනුවට පින්තාරු සේවා ලබා දෙන අතර මෙවැනි රසායන කල්බදු ගිවිසුමක් ඇති කර ගැනුණේ පළමු වැනි වරටයි. පාරිසරික තිරසරභාවය කෙරෙහි ඇති කැපවීම සහ නවෝත්පාදන සඳහා අඛණ්ඩව ලබා දෙන සහයෝගය තවදුරටත් සනාථ කරමින් MAS Active සමාගම, ගොඩනැගිලි ආශ්‍රිත අවකාශයන් මනා නිමාවකින් යුතුව සම්පූර්ණ කිරීමේ කර්මාන්තයේ නිතැතින් අංක එක හිමි කර ගන්නා සහ සිය නිෂ්පාදන ධාරිතාව දිනෙන් දින වර්ධනය කර ගන්නා JAT හෝල්ඩින්ග්ස් සමඟ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් තහවුරු කර ගැනීමේ අරමුණ ඇති ව ශ්‍රී ලංකාව තුළ රසායනික කල්බදු සම්බන්ධ ජාතික සම්බන්ධීකරණ හා නියාමන අධිකාරිය වන ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය ද පාර්ශ්වකරුවෙකු ලෙස ඊට සම්බන්ධ කර ගන්නා ලදී.

2025 වසර වන විට සියලු නිෂ්පාදනවල සහ නිෂ්පාදන ක්‍රියාවලීන් තුළ විෂ රසායන සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමේ ඉලක්කය ඇති ව MAS Active Linea Intimo සමාගම සිය පින්තාරු කටයුතුවල දී රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට පියවර ගෙන තිබේ.

MAS Active සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චෙලන් ගුණතිලක මහතා පැවසුවේ “2020 වසර වන විට අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ විෂ ද්‍රව්‍යය බිංදුව දක්වා අඩු කිරීමේ ඉලක්කය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් අතරින් මෙය තවත් එකක්. අප සෑම අතකින් ම නවෝත්පාදනය සඳහා ඉඩ සලසා දෙනවා. තිරසාරත්වය කරා යන අපගේ ගමන මීට දශකයකට පෙර අප ආරම්භ කළ ස්ථානයේ සිට තවදුරටත් වර්ධනය කිරීමට අප කැප වී කටයුතු කරනවා.”


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...