කාඩ්පතකින් ගෙවීම් කරමින් කි.මීටර් 1168ක ත්‍රිරෝද සංචාරයක සුවිශේෂී අත්දැකීමක් | දිනමිණ

කාඩ්පතකින් ගෙවීම් කරමින් කි.මීටර් 1168ක ත්‍රිරෝද සංචාරයක සුවිශේෂී අත්දැකීමක්

ජාත්‍යන්තර වීසා කාඩ් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වන ඇන්තනි වොට්සන් මහතා නොබෝදා මුදල් නොමැතිව කාඩ්පත් පමණක් ගෙවීම් සඳහා හාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ කිලෝ මීටර් 1168ක ගමනක් ත්‍රිරෝද රථයක නැඟී සමාජ සත්කාරයක කොටස් කරුවකු වෙමින් ඉතා සුවිශේෂී අත්දැකීමකට මුහුණ දී ඇත. එය ශ්‍රී ලංකාව තුළ දෙවසරක් සිදු වූ ජාත්‍යන්තර සමාජ සත්කාරයක් වන Pimp my Tuk Tuk නැමති කර්තව්‍ය විදේශිකයන් 52 කගේ සහහාගීත්වයෙන් යුතුව ත්‍රිරෝද රථ 26කින් ද සමන්විතව අමෙරිකානු ඩොලර් 250, 000ක වටිනාකමකින් යුතු වූ හාණ්ඩ රැගෙන සහහාගී වූ සමාජ සත්කාරයක් විය.

මේ පිළිබඳ අදහස් දැක් වූ වොට්සන් මහතා පැවැසුවේ කාඩ්පතක් අතැතිව මුදල් නොමැතිව ශ්‍රී ලංකාව තුළ ඔහු ලද අත්දැකීම් පිළිබඳ සතුටු වන බවයි. දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව වීසා කාඩ් හාවිතාවට ඉතා විශාල අවස්ථාවක් ඇතිවී තිබෙන බව ඔහු පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් හාවිතය වැඩි වී ඇති බව පෙන්වා දෙමින්ය.

අද වන විට ශ්‍රී ලංකාව තුළ මිලියන 18ක ඩෙබිට් කාඩ්පත් ද මිලියන 1.4 ක්‍රෙඩිට් කාඩ්පත් ද හාවිතයේ ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි. එනම් ජනගහනයෙන් 70% කට ඩිජිටල් ගෙවීම් සිදු කිරීමට මෙමඟින් හැකියාව ලැබී ඇත. ඉතා ඉහළ ප්‍රතිශතයක පවතින ජංගම දුරකථන හාවිතය සමඟ එක්කළ විට ඩිජිටල් ආර්ථිකයකට යෑමේ විශාල හැකියාවක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ඒ මහතා අවධාරණය කරයි.

මේ සමාජ සත්කාරය යටතේ හලාවත සිට ත්‍රිකුණාමලයටත් එයින් ඔබ්බට හම්බන්තොටටත් ගාල්ල හා හික්කඩුවට යන ගමනේ ස්ථාන කිහිපයක ගමන් කරමින් ඔවුන් විසින් අත්‍යවශ්‍ය හාණ්ඩ රැසක් බෙදා දෙන ලදී. මුදල් නොමැතිව කාඩ්පත් පමණක් හාවිත කරමින් වොට්සන් මහතා විසින් ගෙනගිය ප්‍රයත්නය ආරම්හ කෙරුණේ කොළඹදීය.

එහි දී ඔහු විසින් කොණ්ඩය කැපීම, ආහාර මිල දී ගැනීම, බඩු හාණ්ඩ මිල දී ගැනීම වැනි දේවල් රැසක් මුදල් නොමැතිව කාඩ්පත හාවිත කරමින් සිදු කරන ලදී. ශ්‍රී ලංකාව හරහා සිදුවන සමාජ සත්කාරයක කොටස්කරුවකු ලෙස ඔහු ගිය ගමනේ දී ගනු-දෙනු සඳහා මුදල් හාවිත නොකර කාඩ්පත පමණක් හාවිත කරමින් ගිය ගමනේ වයඹ ප්‍රදේශයෙන් ආරම්හ වූ අවස්ථාවේ දී වෙළෙඳ සැල් රැසක් කාඩ්පත් ගනු-දෙනු නොකරන බව ඔහු දුටු බව පවසයි. උදාහරණයක් ලෙස හලාවත පමණක් 75% ක් පමණ වෙළෙඳසැල් කාඩ්පත් හාර නොගන්නා බව ඔහු කියයි. මෙමඟින් ඩිජිටල් ආර්ථිකය බලගැන්වීමට කාඩ්පත් හඳුන්වාදීම තුළින් සුවිශේෂී කාර්යහාර්යක් ඉටු කිරීමට හැකි බව ඔහු විශ්වාස කරයි.

නැ‍ඟෙනහිර ප්‍රදේශය වෙත ඔවුන් ළඟාවන විට එහි සංචාරක කර්මාන්තයේ ප්‍රතිඵලයක් ලෙස කාඩ්පත් හාවිතාවක් දුටු බවත් ඉන් පසුව දකුණු පළාතට පැමිණි විට එහි දී බහුලව කාඩ්පත් හාවිතාවක් දුටු බවත් ඒ මහතා පවසා සිටියි. ස්මාර්ට් ෆෝන් හාවිතය සමඟ තරුණ කොටස් ඩිජිටල් ගෙවීම් සඳහා උද්යෝගයක් දක්වන බව ද එමඟින් ඔවුන් විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඩිජිටල් තාක්ෂණය හාවිත කරමින් ගෙවීම් කරන අන්දම පිළිබඳ දැනුවත් කරන බව දුටු බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියි.

තාක්ෂණය උපයෝගී කරගෙන කාඩ්පත් හාවිතය ඉතා පහසු මෙන්ම සුපරීක්ෂාකාරීව සිදුකළ හැකි බව ඒ මහතා තහවුරු කරයි. කාඩ්පත් හරහා කෙරෙන ගෙවීම් ඉතා පහසුවෙන් කළ හැකි බවත් මුදල් මඟින් ගෙවීමට වඩා එය ආරක්ෂාකාරී බවත් ඒ මහතා කියා සිටියි.

මේ ගමනේ දී තමන් හට ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඍජුව සම්බන්ධ වීමට හැකි වූ බවත් ඉතා සුහදව හා සහයෝගයෙන් යුතුව සෑම ස්ථානයකදීම ශ්‍රී ලාංකිකයන් තමන්ට යහපත් ප්‍රතිචාර දැක් වූ බවත් ඒ මහතා ස්තුති පූර්වකව පවසා සිටියි.

රක්ෂණ ශ්‍රියන්ත 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...