අරියාලේ වෙඩි තැබීම - STF 02ක් අත්අඩංගුවට | දිනමිණ

අරියාලේ වෙඩි තැබීම - STF 02ක් අත්අඩංගුවට

යාපනය - අරියාලේ - මානියන්තෝට්ටම් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීමකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට අනුයුක්ත නිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙ

පසුගියදා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල පරීක්ෂණවලට අනුවයි, සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...