කුඩා-මධ්‍ය පරි­මාණ වෙළෙ­ඳුන්ට සම්පත් බැංකුවෙන් සුවිශේෂී සේවාවක් | දිනමිණ

කුඩා-මධ්‍ය පරි­මාණ වෙළෙ­ඳුන්ට සම්පත් බැංකුවෙන් සුවිශේෂී සේවාවක්

කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා හිමියන්ට අන්තර්ජාලය මගින් පහසු ගෙවීමේ ක්‍රමයට සිය නිෂ්පාදන හා සේවාවන් සැපැයීමේ අවස්ථාව උදා කරමින් සම්පත් බැංකුව හා වෙබෙක්ස්පේ අන්තර්ජාල වෙළෙඳ සේවාව අත්වැල් බැඳ ගනී. මෙමගින් සම්පත් බැංකු කාඩ් හිමියන් 250,000කට වැඩි ප්‍රමාණයකට වෙබෙක්ස්පේ අන්තර්ජාල වෙළෙඳ සේවාව ඔස්සේ පහසු ගෙවීමේ ක්‍රමයට ගනු-දෙනු සිදු කළ හැකිය. ශ්‍රී ලංකාවේ සහ ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන වෙබෙක්සේපේ අන්තර්ජාල වෙළෙඳ සේවාව තුළින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දැනටමත් 700කට අධික වෙළෙඳ ආයතන ප්‍රමාණයක් එක්වී සිටිති.

‘කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් පිරිසක් බව සම්පත් බැංකුව වශයෙන් අප විශ්වාස කරනවා. දිවයින පුරා විශ්වාසනීය ආර්ථික සේවා සහකරුවන් ලෙස විවිධ ව්‍යාපාර සමඟ අප කටයුතු කරනවා. වෙබෙක්ස්පේ සමග අත්වැල් බැඳ ගැනීම තුළින් ඒ සේවය තව දුරටත් පුළුල් කර ගැනීමට හැකිවේවි. වෙබෙක්ස්පේ අන්තර්ජාල වෙළෙඳ සේවාව තුළින් ඔවුන් හා එක්වී සිටින ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමට අපගේ කාඩ් හිමියන්ට මේ අවස්ථාව උදා කරදීමට හැකිවීම ගැන අප සතුටට පත්වෙනවා.‘ සම්පත් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ හා බැංකු සටහන් මෙහෙයුම් ප්‍රධානී කුසල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

‘ඉතා සරලව අන්තර්ජාල තාක්ෂණය භාවිත කරමින් අඩු වියදම් සහිත පසුබිමක් පාරිභෝගිකයන්ට හා සේවා හා නිෂ්පාදන සැපයුම්කරුවන්ට නිර්මාණය කර දෙමින් උසස් වෙළෙඳ සේවාවක් සැපයීමට අපට හැකිවී තිබෙනවා. අපගේ කාර්යභාරය තව දුරටත් ව්‍යාප්ත කරමින් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා හිමියන්ට සහයෝගය ලබාදීමට සම්පත් බැංකුව සමග අත්වැල් බැඳගැනීම තුළින් හැකි වන බව අපගේ විශ්වාසයයි. සම්පත් බැංකුව සමග එක්වීම ශ්‍රී ලංකාවේ වෙළෙඳ මුහුණුවර වෙනස් කිරීමට අපේ දැක්ම තව පියවරක් ඉදිරියට තැබීමක්.’ වෙබෙක්ස්පේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ඔමාර් සහීබ් මහතා ප්‍රකාශ කළේය.

‘ඒ අනුව අප අපේක්ෂා කරන සුබවාදී වෙනස තව දුරටත් ශක්තිමත් කිරීමට සම්පත් බැංකුව ඔවුන්ගේ සහකරුවන් ලෙස අප තෝරාගැනීම ගැන අප ඔවුන්ට අවංකව කෘතඥතාව පළකර සිටිනවා.’ ඔමාර් සහීබ් මහතා වැඩි දුරටත් කීවේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...