කුණු බුදින අලි ඇතුන්.... | දිනමිණ

කුණු බුදින අලි ඇතුන්....

දඹුල්ල දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමන කුණු කසල ආහාරයට ගැනීමට පැමිණෙන අලි ඇතුන් ගේ ජිවිත අවදානම වසර ගණනාවක සිට ම පහව ගොස් නැති බව ජනතාව පෙන්වා දෙති.

දඹුල්ල නගරයේ ඉවතලන සියලු කැළිකසළ ගෙනවිත් දමනු ලබන්නේ දිගම්පතහ රක්ෂිතයටය. මේ වනවිට රක්ෂිතයේ විශාල ප්‍රමාණයක් කසල සුසානයක් බවට පත්ව තිබේ.

මේ ස්ථානයේ කුණු ආහාරයට ගැනීමට එන විශාල දළ ඇතෙකු ද මේ දිනවල දැකගන්න හැකිය. වන අලින් 25ක 30ක පමණ කණ්ඩායමක් මෙහි නිතර දැකගැනීමට හැකිවන අතර මෙහි ආහාර නොමැති වූ විට අවට ගම්මානවලට ගොස් ජනතාවගේ භවභෝග විනාශ කරන බව ජනතාව කියති .

මෙතෙක් කුණු ප්‍රශ්නයට විසදුම් ලැබී නොමැති බව ද ජනතාව කියති. 

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න