ශලිල මුණසිංහ යලි රිමාන්ඩ් | දිනමිණ

ශලිල මුණසිංහ යලි රිමාන්ඩ්

තායිවාන බැංකුවකින් මුදල් වංචා කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධානගාර ගත කර සිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන ශලිල මුණසිංහ ඇතුළු සැකකරුවන් සිව් දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 
ඒ අදාල නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.
 
අනතුරුව සැකකරුවන් සිව්දෙනා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාවරිය නියෝග කළේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි.
 
එම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට අයත් සියලු බැංකු ගිණුම්වල මුදල් පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙසද නියෝග කර තිබේ.

නව අදහස දක්වන්න