ව්‍යවස්ථාවකින් බලය බෙදනවාට විරුද්ධ නෑ | දිනමිණ

ව්‍යවස්ථාවකින් බලය බෙදනවාට විරුද්ධ නෑ

අසේල කුරුළුවංශ

නව ව්‍යවස්ථාවක් තුළින් බලය බෙදනවාට ශ්‍රීලනිපය විරුද්ධ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති,ප්‍රවාහන අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

රටේ ඒකීය භාවය ආරක්ෂාවන විධායක ජනපති ධූරය යම් ප්‍රමාණයකට ආරක්ෂාවන ව්‍යවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබෙන බවත් ව්‍යවස්ථාව සම්බන්ධ පක්ෂ ස්ථාවරය මේවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ පැවැති පාක්ෂික හමුවකින් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (22) ඇමැතිවරයා මේබව පැවසුවේය.

අතුරු වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙන අවස්ථාවේ පක්ෂ ස්ථාවරය තවත් විස්තරාත්මකව දක්වන බවද හෙතෙම අවධාරණය කළේය.

නව අදහස දක්වන්න