පාකිස්තාන ක්‍රිකට් නායකයාට පරීක්ෂණයක් | දිනමිණ

පාකිස්තාන ක්‍රිකට් නායකයාට පරීක්ෂණයක්

පාකිස්තාන ක්‍රිකට් නායක සෆ්රාස් අහමඩ්ට තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින තරගයෙන් පසු පාකිස්තාන නායකයාට තරග පාවාදීමට බුකීකරුවන් ආරාධනාකර ඇත. මූලාශ්‍ර රැසකින් එය තහවුරු වී ඇතැයිද වාර්තා වේ.

මෙම ආරාධනාව පැමිණි විගස සෆ්රාස් අහමඩ් පාකිස්තාන ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කිරීමට කටයුතුකර ඇත. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර අවසන්ය.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙයිති ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ නායකයා නිසි ලෙස සිය වගකීම ඉටුකර ඇති බවය. ප

සුගිය කාලයේ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් තරග පාවාදීමට සම්බන්ධ වූ බව ඔප්පු විය. ජීවිතාන්තය දක්වා සහ වසර 5 බැගින් වූ තරග තහනම් ද ඔවුන්ට පනවා අවසන්ය.

නව අදහස දක්වන්න