හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරට ඇප | දිනමිණ

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකරට ඇප

සිරන්ජනි කුමාරි

රගර් ක්‍රිඩක මොහමඩ් වසීම් තාජුඩින්ගේ ඝාතනයට අදාළ සාක්කි විනාශ කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් තුන්වන සැකකරු ලෙස නම් කරනු ලැබු හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශ්‍රාමික ආනන්ද සමරසේකර මහතා (19) දා අධිකරණයට භාර විමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා නියම කෙළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් මත සැකකරු මුදා හරිමින් විමර්ශනවලට බලපැම් නොකරන ලෙසට අවවාද කෙළේය.

ජනාධිපති නීතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සැකකරු ඉදිරිපත් කරමින් පැවසුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 198 ඇප ලබා දිය හැකි වරදක් ඔහු සිදු කර ඇති බැවින් නිතියේ ප්‍රතිපාදන අනුව ඔහුට ඇප ලබා දෙන ලෙසය.

තවද අධිකරණයක සිතාසියක හෝ වරෙන්තුවක් මත නොව පුවත්පත්වල පල වු තොරතුරු මත සැකකරු අධිකරණයට ඉදිරිපත් වන බවත් සැකකරු‍ට ඇප ලබා දුනුහොත් ඉහළ අධිකරණවල ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා බව සදහන් ක‍ළේය.

මෙහිදි රහස් ‍පොලිසිය පැවසුවේ සැකකරුගේ දිර්ඝ ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් මුල් අවස්ථවේ සැකයක් ඇති වු බැවින් විමර්ශනයක් පැවැත්වු බවත් පසුව දණ්ඩ නිති සංග්‍රහයේ 198යටතේ චොදනා ගොනු කළ බවය.

අදාළ කරුණු සළකා ඇප නියෝගය ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරු ස්වෙච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත්විම ,ඇප ලබා දිය හැකි වරදක් විම , පැමිණිල්ල විසින් ඇප ලබා දිය නොහැකි කරුණු ලෙස මහජන කැලඹිම් හෝ විමර්ශනයට බාධා කිරිම ආදි කරුණු දක්වා නැති බැවින් සැකකරුට ඇප ලබා දෙන බවය.

තවද මෙම සිද්ධියට අදාලව සැකකරුවන් දෙදෙනෙකු වසරකට අධික කාලයක් රක්ෂිතබන්ධනාගාරගතව සිටි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා තෙවන සැකකරු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කිරිමට අදාල නියෝගය ප්‍රකාශ කිරිමට අද දින නඩුව කැඳවු අතර ඔහු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් ඉහළ අධිකරණවල ප්‍රතිශෝධන අයදුම්පත්‍ර ගොනු කිරිම හේතුවෙන් නියෝගයක් ලබා දිම තරමක් ව්‍යාකුල ත්ත්වයක තිබු බව පෙන්වා දුන්නේය.

එහෙත් රහස් පොලිසිය ඉකුත් 2 වන දින සැකකරු‍ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 198 යටතේ ක්‍රියා කරන බවත් එම වරද සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත නොහැකි බැවින් අධිකරණය හමුවේ වරෙන්තුවක් නිකුත් කරන ලෙසට ඉල්ලිම් කළ බවපැවසීය.

මරණකරු වු තාජුඩින්ගේ බාහිර හා අභ්‍යන්තර අස්ථි කැඩිම සිදු වුයේ කෙසේද ? විදුරු සිරුරට ඇනී තිබු ආකාරය දැන සිටියද ? එය වාර්තාවේ සදහන් නොවිම ,ගමන් කළ ඩබ්ලිව් .පී ‍.කේ .ජි 6543 වාහනයේ නිරික්ෂණ සටහන් සහිත වාර්තා විමර්ශන නිලධාරිවරයා ලබා දි තිබුණ ද? ඒවා අධිකරණයට ඉදිරිපත් නොකර සිටිම ,පශ්චාත් මරණ පරික්ෂණ සිදු කළ සෙසු අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනාට බලපැම් හා තර්ජනය කර සටහන් යොදා ගැනිම,ඥාතින්ට දැනුම් නොදි මෘතදේහයේ කොටස් ඉවත් කිරිම හා දන්ඩ නීති සංග්‍රහයේ 198 වගන්ති ප්‍රකාරව සාක්කි වෙනස් කිරිම හා සාක්කි විනාශ කිරිමේ වරද සිදු කර ඇති විශ්‍රාමික අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනිම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට ද රහස් පොලිසිය ඉකුත් 2 වන දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අනුව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සත්‍ය හෙලිනොකර කරුණු සඟවා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් සාක්කි විනාශ කිරිම හා සාක්කි වෙනස් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා නම් කෙරිණ.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි සි.ඩබ්ලිව් . වික්‍රමසේකර ,මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ මහතා සමඟ සැරයන් රත්නප්‍රිය මහතා අධිකරණය වෙත කරුණු වාර්තා කෙළේය. 

නව අදහස දක්වන්න