ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න අසාර්ථක සංවිධායකවරුන් ඉවත්කරමින් සිටිනවා | දිනමිණ

ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න අසාර්ථක සංවිධායකවරුන් ඉවත්කරමින් සිටිනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් අසාර්ථක සංවිධායකවරුන් මේ දිනවල ඉවත් කරමින් ශක්තිමත් සංවිධායකවරුන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නදහස් පක්ෂ කණ්ඩායම එළැඹෙන පළාත් පාලන මැතිවරණයට හා 2020 ජනාධිපතිවරණයට තරග කිරීමට ශක්තිමත්ව සකස් කරන බවද ඒ මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් ප්කෂය ජයග්‍රහණය කරවීම උදෙසා ශක්තිමත් සංවිධායකවරුන් පිරිසක් අවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සිය වගකීමක් වන බවත් පැවසූ ප්‍රධාන ඇමැතිවරයා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බවත් කියා සිටියේය.

2015 පැවැති ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුයේ නම් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව අද නොසිටින බවත් එම පිරිස එලෙස ජයග්‍රහණය කළ ද නොපිපෙන පොහොට්ටුවක් වෙනුවෙන් සටන් කරන බව ප්‍රකාශ කළ ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය වටා ඒකරාශි වී සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය. ඊයේ(15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

සුභාෂීණී සේනානායක සහ නන්ද ඒකානායක කෝට්ටේ මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න