කුරුගම කනිටු විදුහලේ දරුවන්ට අත පිරෙන්න තෑගි-බෝග | දිනමිණ

කුරුගම කනිටු විදුහලේ දරුවන්ට අත පිරෙන්න තෑගි-බෝග

වැල්ලවාය අධ්‍යපන කලාප මායිම් පිහිටි දුෂ්කර පාසලක් වන කුරුගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් දෙසිය දෙනකු වෙනුවෙන් නිල ඇඳුම් පාසල් උපකරණ පොත්පත් හා රුපියල් 35000ක් මුල්‍යමය ශිෂ්‍යත්ව පිරිනැමිමේ වැඩසටහනක් පැවැත්විණි.මීට සමගාමිව පාසල් පුස්තකාලයට පොත් පත්, බැංකු ගිණුම් 25ක්, ආර්ථික දුෂ්කරතා සහිත දරුවන්ගේ පවුල් සඳහා වියළි ආහාර මලු 25ක්, සපත්තු ඡෝඩු 25ක්, විශේෂ දක්ෂතා දැක්වු දරුවන් 25ක් සඳහා පාසල් උපකරණ කට්ටල පිරිනැමීම ද සිදු කරන ලදි. 'සහෝදරත්වයේ පාලම' නමින් නම් කර තිබු මේ වැඩසටහන සඳහා වැල්ලවාය සිංහ සමාඡය සමඟ කොළඹ කළුබෝවිල, බෝකුන්දර ඡාලියගොඩ හා බොරලැස්ගමුව මෙට්‍රෝ සිංහ සමාඡවල සාමාඡිකයෝ විශාල පිරිසක් එක්වූහ.

දිස්ත්‍රික් 306 ඒ 2 සිංහ සමාඡයේ සිංහාධිපති සිංහ විද්‍යාකිර්ති දිසානායක, පෙර සිංහාධිපති කමල් සෙනවිරත්න මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

වැල්ලවාය ඡි අයි ආර් ගරුසිංහ

නව අදහස දක්වන්න