මුන්දලමේ කඩයක තහනම් ග්ලයිපොසෙට් | දිනමිණ

මුන්දලමේ කඩයක තහනම් ග්ලයිපොසෙට්

පුත්තලම සමූහ වාර්තාකරු - ඩබ්.සී.බී.ප්‍රනාන්දු

ලීටර් 4කෑන් 45ක් අල්ලයි

නීතිවිරෝධි ග්ලයි පොසෙට් වල්නාශක තොගයක් ඇතුළු රසායනික ද්‍රව්‍ය තොගයක් ලඟ තබාගෙන සිටි අයෙක්, එම ග්ලයිපොසෙට් ඇතුළු නීති විරෝධී රසායනික ද්‍රව්‍ය තොගයත් සමගම අත්අඩංගුවට ගැනිමට මුන්දලම පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමත්වි ඇත.

පොලිස් බුද්ධි අංශයට ලැබි ඇති තොරතුරකට කිරියන්කල්ලියේදි සිදුකළ වැටලිමකදී මේ ග්ලයිපොසෙට් වල්නාශක තොගයත් සමඟ සැකකරු මෙසේ අත්අඩංගුවට ගැනිමට හැකිවි ඇති අතර, ග්ලයි පොසෙට් දියර ලීටර් 04 බැගින්වූ කෑන් 45 ක්,ඇමෝනියා ක්ලෝරයිඩ් කිලෝග්‍රෑම් 08 ක්, සහ ඩයෝඩීන් ඩයිසිකෝන් පැකදට් 07 ක්ද මෙම වැටලීමේදී පොලිස් නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇත. සැකකරු ග්ලයිපොසෙට් වල්නාශක හොර රහසේ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඒවාට ඩයෝඩීන් ඩයිසිකෝන් නමැති අළෙවි කිරීමට තහනම් වල්නාශකය කලවම් කර එයට ජලය මුසු කර මේ ග්ලයිපොසෙට් දියරය නිෂ්පාදනය කරගෙන ඇති බව මේවා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙලිවී ඇත.

සැකකරු සත්ව ආහාර අලෙවි කරන ස්ථානයක තබාගෙන මේ නීතිවිරෝධි වල්නාශක අළෙවිකර ඇති බවද පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙලිවී ඇත

එම ස්ථානයේ කෘමි නාශක හෝ වල්නාශක අලෙවි කිරීම සඳහා පලිබෝධනාශක ලේකම් කාර්යාලයෙන් බලපත්‍ර කිසිවක් ලබාගෙන නොතිබූ බවද එම පොලිස් පරික්ෂණවලදී වැඩිදුරටත් හෙලිවී ඇත. මුන්දලම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ප්‍රමුඛ උ.පො.ප.මෙන්දිස් ,පො.සැ.41340 අමිත්,පොලිස් කොස්තාපල්වරු වන 54756 ඉර්ෂාඩ්,32458 ජයතිස්ස,71119 ඒකනායක,පො.කො.රි.80713 රත්නායක යන නිලධාරීහු මේ වැටලීම සිදුකර නීතිවිරෝධි වල්නාශක තොගයත් සමග සැකකරු මෙසේ අත්අඩංගුට ගනුලැබූ අතර,එම වල්නාශකත් සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

නව අදහස දක්වන්න