දුම්රිය වර්ජනය අත්හිටුවයි | දිනමිණ

දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීටම නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කල බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගැටලුව අගමැති රනිල් වික්‍රමසිංහට යොමු කළ බවත් ඔහු ජනපති සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු කීය.

නව අදහස දක්වන්න