කුඩා වෑන්රියේ එළුවෝ 56ක් | දිනමිණ

කුඩා වෑන්රියේ එළුවෝ 56ක්

කන්තලේ පොලිසියේ වැටලීමක්

සත්ව හිංසා පනත උල්ලංගණය කරමින් විශාල ප්‍රමාණයේ එළුවන් 56 දෙනකු කුඩා වෑන් රථයකින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.

කන්තලේ පේරාරු ජනපදයේ පුද්ගලයකු විසින් මුදලට එකතුකරන ලද එළුවන් මෙලෙස කොළඹට ප්‍රවාහනය කරමින් තිබියදී ලද තොතුරකට අනුව කන්තලේ පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා විට මෙම සතුන් එකා උඩ එකා පටවා ඔවුන් දැඩි පීඩාවකට පත්කොට තිබූ බව පොලිසිය කියයි. කන්තලේ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ජගත් අබේකෝන් මහතාගේ උපදෙස් මත කොට්ඨාස බුද්ධි අංශයේ උ.පො.ප. ඇරාගම, පො.සැ.වරුන් වන කුලතුංග, ඒකනායක, පො.කො. වරුන් වන කැළුම්, රණසිංහ, ඒකනායක, කැළුම්, නවතීදන් නිලධාරීහු වැටලීම සිදුකොට තිබුණි. සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇත.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න