4 වතාවක් අච්චු වින්දත් පස්වැනි සැරෙත් කොටු වෙලා | දිනමිණ

4 වතාවක් අච්චු වින්දත් පස්වැනි සැරෙත් කොටු වෙලා

ලුණම සමූහ සනත් ගමගේ

හතර වතාවක් මත් කඩු සමඟ අත් අඩංගුවට ගෙන දඩුවම් විඳි පුද්ගලයෙක් පස්වැනි වතාවටත් මත් කුඩු මිලිග්රෑම්ස් 1280 ක් සමඟ අම්බලන්තොට අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ විෂ මත් දව්‍ය වැටලිම් ඒකකය කියයි.

සැකකරුගේ කොට්ට උරයේ සඟවා ගෙන තිබියදී මත් කඩු පැකට් සොයාගත් බව පොලිසිය කියයි. සැකකරු මීට පෙර අවස්ථා හතරක් මත් කුඩු සමඟ අත් අඩංගුවට ගෙන දඩුවම් විඳ දඩ ගෙවා නැවත නැවතත් මෙම ජාවාරම සිදු කරන අතර මෙලෙස පස්වන වතාවටත් අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. මෙම සැකකරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මත් කුඩු ගෙන්වා ගෙන සැකකරු මත් කුඩු විකිණීම සිදු කරන අතර පාවිච්චි කිරීමටද ඇබ්බැහිවී සිටින බව පොලිසිය කියයි තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත, තංගල්ල කොට්ඨාස විශේෂ විෂ මත් ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කුමාර දඩල්ලගේ , පොලිස් සැරයන් කුලසේන, කොස්තාපල් වරුන් වන දිසානායක, රසික, කුසුම්සිරි, තාරක, ශිරන්ත, ගුණවර්ධන, ධර්මසිරි නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

නව අදහස දක්වන්න