ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

ඔක්තෝබර් මස 18 සිට ඔක්තෝබර් මස 24 දක්වා

මේෂ

ව්‍යාපාර ප්‍රගතිය

ශාස්ත්‍රීය, ක්‍රීඩා, කලා ආදි ක්ෂේත්‍රවල නිරතවූවන්ට ප්‍රතිවාදීන් අභිබවාලිය හැක. තම සේවා ස්ථානයේ ප්‍රධානීන්ගේ සහාය ලැබේ. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර, ව්‍යාපාර ආදියේ නිරතවන්නන්ට ප්‍රගතියක් පෙන්වයි.

මඟුල් තුළා කටයුතුවලට බාධා ගෙනදේ. හවුල් ව්‍යාපාරවල ගැටුම්කාරී තත්ත්වයන් පැනනැගිය හැක. පාසල් අධ්‍යාපනයට සුබවේ. උසස් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇතිවෙයි. වාසස්ථානයේ මාරුවකට කටයුතු සිදුවිය හැක. උදරාබාධ ඉස්මතුවේ.

වෘෂභ

ඥාතීන් හා විරසක

කොන්ත්‍රාත්, ඒජන්සි, ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට යහපත්ය. ආයෝජන යෙදීම් වැඩිවේ. පෙම්වතුන්ට නරක නැත. ප්‍රේම සබඳතා ඇතිවේ. කලා කටයුතු සාර්ථක වේ.

ඔවුන් ප්‍රතිවාදීන් අභිබවයි. ඥාතීන් හා විරසකභාවයන් ඇතිවිය හැක. තම සේවා ස්ථානයේ කටයුතුවලට නායකත්වය දෙයි. කැපවීමෙන් වැඩ කරයි. අධ්‍යාපනයට හිතකර කාලයකි. විදේශ ගමන් යෑමට කටයුතු යෙදේ. බාල සහෝදරයකු හා ගැටුම් ඇතිවේ. අත් හා උරහිස් රෝග ඇතිවිය හැකිය.

මිථුන

ප්‍රතිවාදීන් අභිබවයි

කොන්ත්‍රාත්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරතවූවන්ට වාසිදායකය. ගන්නා තීරණ වාසිදායක වේ. අය පක්ෂයට යහපත්ය. ලොතරැයි ජයග්‍රහණයක් සිදුවිය හැකිය. නව නිවාස, වාසස්ථාන ගැන බලාපොරොත්තු වන්නන්ට සුබදායකය.

සෞන්දර්ය, කලා ක්ෂේත්‍රයට හිතකර කාලයකි. අධ්‍යාපනයට සුබය. පෙම්වතුන්ට ‍හොඳ කාලයක් උදාවේ. ප්‍රතිවාදීන් අභිබවායයි. තම ඥාතීන් හා ගැටුම් ඇතිවිය හැක. වෘත්තීමය කටයුතුවලදී ප්‍රගතියක් පෙන්වයි. ගැටුම් අඩුවේ. මූත්‍රා අමාරු ඇතිවිය හැක.

කටක

බලාපොරොත්තු ඉටුවේ

වාසස්ථාන මාරුවීම් බලාපොරොත්තුවන්නන්ගේ සිතැඟියාව ඉටුවේ. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල යෙදෙන්නන්ට වාසි ගෙනදේ. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර ආදියට ආදායම් වැඩිය. විදේශ මූලාශ්‍රවලින් ධනය ලබන්නන්ට වාසිදායක වාතාවරණයකි. වැයට වඩා අය පක්ෂය ඉදිරියෙනි. පෙම්වතුන්ට එතරම් හොඳ කාලයක් නොවේ.

අධ්‍යාපන ක්ෂේත්‍රවලට හිතකර වාතාවරණයක් ගොඩනැගේ. වෘත්තීමය වශයෙන් විදෙස් ගමන් යෙදේ. අදහස් වරින්වර වෙනස් වේ. සෙම් රෝග ඇති අය ප්‍රවේසම් වන්න.

සිංහ

ආත්ම විශ්වාසය වැඩිවේ

ඉඩකඩම්, දේපළවලින් ආදායම් ලබන්නන්ට සුබය. හදිසි වියදම් අධිකය. විදේශ ගමන්වලට අවස්ථාව ලැබේ. කෘෂි, පතල්, වතු, සැපයුම් ව්‍යාපාර ආදිය කරන්නන්ට හිතකර සතියකි. අධ්‍යාපනයට නරක නැත. සෞන්දර්ය, කලා ක්ෂේත්‍රවල අයට හදිසි වියදම් වැඩිය. නොබියව තීරණ ගනියි. ආත්ම විශ්වාසය වැඩිවේ.

පොත්පත් ආදියට ද වියදම් පෙන්වයි. පෙම් සබඳතා ඇතිවෙයි. ලේ විෂවීම් ඇති විය හැක. නව වාසස්ථාන සොයන්නන්ට හිතකර ඒවා ලබයි. විවාහ මංගල යෝජනා ආදිය පසුබැසීමකට ලක්වෙයි. හොරි, දද, කුෂ්ට රෝග ඉස්මතුවිය හැක.

කන්‍යා

අධ්‍යාපනයට හිතකරයි‍

අය පක්ෂය යහපත්ය. ස්ව උත්සහයෙන්ම ආදායම් ලබයි. මුදල් වංචා කරනු ලැබීම්වලට ද භාජනය වේ. හදිසි අනතුරු ප්‍රවණතාවක් ද ඇත. අධ්‍යාපනයට හිතකර කාලයකි. කලාකරුවන්ට වාසි ගෙනදේ. ක්‍රීඩා ක්ෂේත්‍රවල නිරතවන්නන් ආබාධවලට ලක්වේ. විවාහ මංගල යෝජනා ගැන විමසිලිමත් වන්න. රැවටිලි ආදියට භාජනය වීමට සිදුවිය හැකිය. මිතුරන්ගෙන් උදව් ලබයි. මූත්‍රා අමාරු ඇතිවිය හැකිය.

තුලා

ගැටලු විසඳේ

වෘත්තීය මට්ටමින් හදිසි වෙනස්කම් ඇතිවිය හැක. අය පක්ෂය ඉහළින් ඇත. ශාස්ත්‍රීය කටයුතුවලට, දරුවන්ගේ පොත්පත්වලට වියදම් වෙයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට මේ සතිය සුබවේ. හවුල් ව්‍යාපාරිකයන්ට හිතකරය.

අධ්‍යාපනයට හොඳය. පෙම්වතුන්ට අසුබ කාලයකි. කෙසේ නමුත් නුවණ මෙහෙයවා කටයුතු කළ හැකි අවස්ථාවකි. ඉඩකඩම්, දේපළ ගැටලු ඇති අයට තම වාසියට ගැටලු විසඳේ‍. රාජ්‍ය අංශ ප්‍රධානීන්ගෙන් අනුග්‍රහය ලබයි. වකුගඩු රෝග ඉස්මතු විය හැක.

වෘශ්චික

හදිසි වියදම්

වෘත්තීය ප්‍රගතියක් ඇත්වේ. වි‍ෙද්ශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. චිත්ත ඒකාග්‍රතාව මතුවේ. යෙදූ ආයෝජනයක් ඇති නම් ඒවායින් ප්‍රයෝජන ලබයි.

කලා ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට හදිසි වියදම් අධිකය. පෙම්වතුන්ට බාධා නැත. සහෝදරයන්ගෙන් උදව් ලබයි. අධ්‍යාපනයට සුබයි. කේළාම්වලට භාජනයවීමට ඉඩ ඇත. ආමාශ රෝග ඇතිවෙයි.

ධනු

නිවාස ගැටලු

ධන වාසි ඇත. විදේශ ගමන් යෑමට අවස්ථාව උදාවේ. කොන්ත්‍රාත්, ව්‍යාපාරවලට ආයෝජන යොදවයි. ආත්මාභිමානය ඉස්මතුවේ. නිවාස, ගොඩනැගිලි ගැටලු නිසා වියදම් පෙන්වයි.

ශනි 12 යන ඒරාෂ්ඨ‍කයේ අවසානය නිසා බොහෝ ප්‍රවේශම්විය යුතුයි. තමන්ට අයිති කුමක් හෝ දෙයක් නැතිවීමට හෝ අස්ථානගතවීමට ඉඩ ඇත. පාදයේ ආබාධ ඇතිවිය හැකිය. රුධිර දෝෂ ඇතිවේ.

මකර

ජනප්‍රියත්වයට පත්වේ

වෘත්තීය කටයුතුවලට යහපත්ය. තම වගකීම් හරිහැටි ඉෂ්ට සිද්ධ කිරීමට අවස්ථාවක් ලබයි. පරිපාලන ක්ෂේත්‍රයේ අයට සුබයි. විදේශ ගතවීම් බලාපොරොත්තු වෙන්නන්ට අවස්ථාවක් ලැබේ. හවුල් ව්‍යාපාකරුවන්ගේ බාධා අඩුවේ.

අය පක්ෂය යහපත් වේ. කලා ක්ෂේත්‍රයේ යෙදෙන්නන් ජනප්‍රියත්වයට පත්වේ. මඟුල්තුලා කටයුතුවලට යහපත් කාලයකි. උදරාබාධ ඇතිවිය හැකිය.

කුම්භ

වියදම් අධිකයි

වෘත්තීය කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඩාල වෙයි. හදිසි අනතුරු ප්‍රවණතා ඇත. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමෙන් නිසි ඵල නෙලාගැනීමට නොහැකිවේ. ගුප්ත රෝග නිසා රෝහල් ගතවීමට ඉඩ ඇත. පාසල් අධ්‍යාපනයට හොඳය.

උසස් අධ්‍යාපනයට බාධා ඇත. පෙම්වතුන්ට වෙන්වීමට කටයුතු යෙදේ. කලාකරුවන් ජනප්‍රියත්වයට පත්වේ. පියාට අපල ගෙනදේ. රහස් සතුරු කුමන්ත්‍රණ ඇත. විදේශ ගමන් යෙදේ. සෙම් රෝග ඇතිවේ.

මීන

විදෙස් ගතවීම්

තම දරුවන් නිසා සිත් තැවුල් ඇතිවේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද වියදම් යෙදේ. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යපාර අඩාල වෙයි. පාසල් අධ්‍යාපනයට බාධා ගෙනදේ.

උසස් අධ්‍යාපනයට සුබවේ. මඟුල්තුලා කටයුතුවලට බාධා ‍පැමිණේ. හවුල් ව්‍යාරවලදී ගැටුම් ඇතිවිය හැක. අධ්‍යාපන කටයුතුවලට විදෙස් ගතවීමට අවස්ථාව ලැබේ.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...