සදා­හ­රිත ඕසෝන් දිනය සම­රයි | දිනමිණ

සදා­හ­රිත ඕසෝන් දිනය සම­රයි

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මෙරට සමාගමක් වන සදාහරිත වැවිලි සමාගම, සැප්තැම්බර් මස 16 වැනි සෙනසුරාදා දිනට යෙදුනු ඕසෝන් ස්ථරය සංරක්ෂණය සඳහා වන ජාතික දිනය සැමරීමට, තමා සමඟ අත්වැල් බැඳ ගනිමින් හරිත සහ සාරවත් ලෝකයක් නිර්මාණය කිරීමට දායකවීම සඳහා ජාතියට ඇරයුම් කළේය.

වන රෝපණය හරිතාගාර වායුව පිටවීම මගින් පෘථිවිය ආරක්ෂා කරන සියුම් ආවරණයට හානි පමුණුවන හිරුගේ හානි කර පාරජම්බුල කිරණවලින් සිදුවන බලපෑම අවම කරයි. මේ සියුම් ඕසෝන් ස්ථරයෙන් තොරව පෘථිවිය මත ජීවය පවතින්නේ නැත. 1987 දී අත්සන් කරන ලද ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සඳහා වන මුල් මොන්ට්රීයල් (Montreal) ගිවිසුම මේ ඕසෝන් දිනය සැමරීම මගින් සිහිගන්වයි. මෙවර ඕසෝන් දිනයේ තේමාව වන්නේ 'ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේ මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මකයි’ යන්නයි. ඕසෝන් ස්ථරයට හානි සිදුවන ද්‍රව්‍ය පාලනයකින් යුතුව භාවිතය තුළින් දේශගුණික වෙනස්වීම් සහ අනාගත පරම්පරාව සඳහා පෘථිවියේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ ජාතික ව්‍යායාමයට සැලකිය යුතු අයුරින් දායක විය හැකිය. ' අපේ ආයතනය සතුව අක්කර 2000 කට අධික වනාන්තර ඇති අතර, අප වසර 15 කට අධික කාලයක සිට තේක්ක, සඳුන්,මහෝගනී, රඹුටන් යන ශාක පමණක් නොව රටට විශාල ලෙස විදේශ විනිමය ඉපයීමේ හැකියාව ඇති අගා ශාකය ද වගා කරනවා. 26000 කට අධික ගනු-දෙනුකරුවන් පිරිසක් අප සමඟ ආයෝජනය කරමින් හරිතාගාර කාබන් අවම කිරීමට සෘජුවම දායකත්වය ලබා දී තියෙනවා. වගකීම් සහගත ව්‍යාපාර සංවිධානයක් ලෙස, අපි සෑම විටම මිනිසුන්ගේ සංකල්ප, පෘථිවිය සහ ලාභය අගය කරනවා. එය අපගේ සහ අපෙන් පැවතෙන්නන්ගේ අනාගතය සහ තිරසර පැවැත්මට වැදගත් වෙනවා’. සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා අදහස් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න