mega market2017 | දිනමිණ

mega market2017

මදාරා මුදලිගේ

මිනිසුන්ට සහනදායී වට්ටම් සහ දීමනා පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පාරිභෝගික ප්‍රදර්ශනයක් වන Mega Market 2017 පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එදිනෙදා දිවියට අත්‍යාවශ්‍ය රෙදිපිළි මෙන්ම සාරි, සල්වාර්ස්, (නිමි ඇඳුම්), පාවහන්, ගෘහ උපකරණ, ගෘහ භාණ්ඩ, තෑගි භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සෙල්ලම් බඩු, ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන සහ උපාංග, පාරිභෝගික හා ගෘහස්ත උපකරණ, මැණික් හා ස්වර්ණාභරණ, යනා දී ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නියළුණු ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් මේ ප්‍රදර්ශනයට සහභාගී වී සිටියේ තමන්ගේ ව්‍යාපාර දියුණුවට අවශ්‍ය කරන අලුත් පාරිභෝගිකයන් හඳුනා ගැනීම පිණිසය.

විශේෂයෙන්ම ව්‍යාවසායකයන්ට මේ ප්‍රදර්ශනය තුළින් තමන්ගේ නව නිෂ්පාදන මුළු සමාජයටම ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසිණි. එමෙන්ම දේශීය හා විදේශීය ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් බෙදා හරින නිමි ඇඳුම් අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයාට මිල දී ගැනීමට ද මෙමඟින් අවස්ථාව හිමි විය. උසස් ප්‍රමිතිය, කල් පැවැත්ම, සහනදායී මිලට කැමති නිෂ්පාදනය හොඳින් පරීක්ෂා කර බලා මිල දී ගැනීමට ද හැකි වීම මෙහි දී දක්නට ලැබුණු විශේෂත්වයකි. විශේෂයෙන්ම ගෘහනියකට අත්‍යාවශ්‍ය අංගෝපාංග සියල්ලක්ම විවිධ විලාසිතාවන්ගෙන් නිෂ්පාදනය කර ඇත්තේ කාන්තා ආකර්ෂණය නිතැතින්ම දිනා ගැනීමේ අටියෙනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව, බැංකොක්, චීනය, පාකිස්තානය යන රටවල නිමි ඇඳුම් හා ගෘහ උපකරණ මඟින් ප්‍රදර්ශනයට සුවිශේෂීත්වයක් එක් වී තිබුණි. එසේ නම් මේ ප්‍රදර්ශනයට පැමිණ සිටි විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරිකයන් දැක් වූ අදහස් කැටිකර ගනිමින් සකස් කළ සටහනකි.

අපේ ව්‍යාපාරය තමයි Kantop Trading . අපි ශ්‍රී ලංකාවට චීනයෙන් කුඩ ගෙන්වනවා. තත්ත්වයෙන් උසස් A Grade එකේ කුඩ තමයි අපි පිටරටින් ගෙනවිත් අළෙවි කරන්නේ. uv protection umbrellea තමයි අපි ළඟ තියෙන්නේ. ඒ සෑම කුඩයකින්ම 100% ක් අවුවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. අපේ කුඩවල විශේෂත්වය තමයි කුඩවල උඩ ලේයර් එකේ ප්‍රින්ට් එක නැති වෙන්නේ නැති එක. කොච්චර කල් පාවිච්චි කළත් වර්ණය වෙනස් වෙන්නේ නැහැ. අපේ ආයතනයෙන් මේ වන විට කුඩ වර්ග 17 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙනවිත් තියෙනවා. යනුවෙන් Kantop Trading හි කළමනාකාර නිලධාරියකු වන කෙවින් විල්සන් ප්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය යටතේ නිෂ්පාදනය කරන නව මාදිලියේ අංගෝපාංග මේ ප්‍රදර්ශනයට නවමු ස්වරූපයක් එක් කරන්නේය. කර්මාන්ත ක්ෂේත්‍රය කෙසේ වුවත් අලුත් දෑ සිතන පතන ව්‍යාපාරිකයන්ට මෙය සුවිශේෂී ප්‍රදර්ශනයකි.

දැන් අවුරුදු 15ක් විතර වෙනවා මම මේ ස්වයං රැකියාව පටන් අරගෙන. මම මෙතන අලෙවි කරන්නේ දේශීය නිෂ්පාදන, බයිට් වර්ග, ඒ වාගේම කඩල පිටිවලින් හදන කෑම ජාති තමයි මාගේ ළඟ තියෙන්නේ. මට මේ කෑම වර්ග හදන්න උදවුවට 3 දෙනෙක් ඉන්නවා. මම ගොඩාක්ම යන්නේ BMICH එකේ පවත්වන ප්‍රදර්ශනවලටයි. ඊට අමතරව මේවාගේ ස්ථානවලටත් එනවා. ප්‍රදර්ශනයට සෙනඟ වැඩිපුර ආවොත් තමයි අපිට හොඳ. නැත්නම් අපිට ලාභයක් ලබා ගන්න බැහැ. ගෘහනියකට තමන්ගේ ගෙදර දොරේ වැඩ කරන ගමන් මේ වාගේ ස්වයං ව්‍යාපාරයක් කරන එක හොඳයි. නිසි ප්‍රමිතියට පාරිභෝගිකයන්ගේ කැමැත්ත ඇති වන පරිදි වැඩ කළොත් හොඳ ව්‍යාපාරයක් විඳිහට මේක පවත්වා ගන්න පුළුවන්. යනුවෙන් බයිට් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ගම්පහ පදිංචි බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

Summer Style හි හිමිකරු කාංචනා එදිරිසිංහ මේසේ ප්‍රකාශ කළාය.

Export Garments වලින් ඇඳුම් අරගෙන විකිණීම තමයි අපි සිදු කරන්නේ. තනිකරම කොට්න් රෙදිවලින් මහපු ඇඳුම් තමයි අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ. රාත්‍රියට අදින කාන්තා ඇඳුම්, බෙඩ් ෂීට් වගේ රෙදිපිළි තමයි තියෙන්නේ. ඒවා රු 550- 1500 දක්වා මිල ගණන්වලට අළෙවි කරනවා. බෙඩ් ෂීට් 1000, 2500 ගණන්වලට හොඳම ප්‍රමිතියකින් නිර්මාණය කරපුවා තියෙනවා. අපි මේ වාගේ ප්‍රදර්ශනවලට සහභාගී වෙන්න පටන් අරන් දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඇත්තටම මෙවැනි ප්‍රදර්ශන මඟින් අපිට අලුත් පාරිභෝගිකයන් හමුවෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ ගැන සතුටුයි.

පබලු, ගල් වැනි විසිතුරු අමුද්‍රව්‍යවලින් නිම කළ ඇඳුම් ආයිත්තම් පැමිණ සිටි කාන්තාවන්ගේ නෙත් සිත් අමන්දානන්දයට පත් කරන්නේය. සමහර කාන්තාවන් ඉතාමත් ඕනෑකමින් රෙදිපිළි නිරීක්ෂණය කරන්නේ මිල දී ගැනීමේ අභිලාෂය ඇතිවය. තවත් සමහරු ඇඳුම් පැලඳුම් දෙස බලා බලා ගමන් කරන්නේය.

අපි පිලෝ කේස්, බෙඩ් ෆීට්, උත්සව ඇඳුම්, සාරි සල්වාරි තමයි අළෙවි කරන්නේ. අපි විකුණන හැම ඇඳුමක්ම ගෙන්වන්නේ ඉන්දියාවේ බොම්බේ නගරයෙන්. ඇත්තටම කිවුවොත් අපි අළෙවි කරන්නේ ඉන්දියාවේ දී නිෂ්පාදනය කරන නිමි ඇඳුම් පමණයි. ඒ වාගේම අපි බොම්බෙන් ගෙන්වන උත්සව ආභරණත් විකුණනවා. ඒ සෑම දෙයක්ම සාධාරණ ලෙස තමයි අපි පාරිභෝගිකයාට ලබා දෙන්නේ. අපේ බෙඩ් ෆීට්වල වර්ණය වෙනස් වන්නේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව යනුවෙන් Grand Sale හි ප්‍රධාන විකුණුම් නිලධාරිණිය ප්‍රකාශ කළේය.

මම කොපර්වලට ගෝල්ඩ් ආලේප කළ ආභරණ අළෙවි කරන්න පටන් අරන් දැන් අවුරුදු 3ක් විතර වෙනවා. මගේ ව්‍යාපාරයේ නම තමයි වීනස් ජුවලරි කියලා හඳුන්වන්නේ. මගේ ළඟ තිබෙන සෑම ආභරණයක්ම gold plated ඒවා. මගේ ආභරණ සෑම එකකම මිල තීරණය වෙන්නේ ඒ ආභරණයේ මෝස්තරය එක්කයි.රු 2000, රු 3000 කට පෙනුමෙන් රත්තරන්වලට සමාන ආභරණ මිල දී ගන්න පුළුවන්. රත්තරන් දාගෙන යන්න අකමැති අයට මගේ ආභරණ හොඳටම ගැළපෙනවා. අපි වගකීමකින් තමයි මේ ආභරණ අළෙවි කරන්නේ. ලේබලයේ තිබෙන මුදලට වඩා රු 225, රු 500 ක් විතර අඩු කරලා තමයි අපි පාරිභෝගිකයාට ආභරණ දෙන්නේ යනුවෙන් වීනස් ජුවලරිහි හිමිකාරිය වන ජීවනී ද සිල්වා ප්‍රකාශ කළේය.‍

Sethma Trade Centre හි හිමිකාරිණිය වන අයේෂා වීරසිංහ මෙලෙස අදහස් දැක්වූවාය.

මම ඇඟලුම් ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 33ක් විතර වෙනවා. මම කරන්නේ සාරි හෝල් සේල් දෙන එක. මම සාරි හැම එකක්ම ගෙන්වන්නේ පාකිස්තානය, ඉන්දියාව, බැංකොක්, චීනය යන රටවලින්. සාමාන්‍ය සාරි රු. 650 ඉඳන් ඉහළ මිල ගණන්වලට තියෙනවා. මනමාලියන්නේ සාරි රු 28,000-100,000 වෙනකම් මිල ගණන්වලට තියෙනවා. අද වෙනකම් අපේ සාරිවලට පාරිභෝගිකයන්ගේ කිසිම පැමිණිල්ලක් ඇවිත් නෑ.

සෙනු බතික්හි නිලධාරිණියක වන හෙමල්කා ප්‍රකාශ කළේ අපි ළඟ තියෙන්නේ බතික් ඇඳුම්, බතික් සාරි, ගවුම්, කමිස යනා දී නිමි ඇඳුම්. සෑම එකක්ම අපේ බතික් වැඩ පොළේ නිෂ්පාදනය කරන ඒවා. සුපර් වොයිල් සාරියක් අපි විකුණන්නේ රු. 4900 කට, බතික් සාරිවල මිල නියම කරන්නේ ඒ සාරියේ තිබෙන වර්ණ සංඛ්‍යාවත් එක්කයි. බතික් සිල්ක් පාට 2 ක් පමණක් තියෙනව නම් රු 23,000 ක් පමණ වෙනවා. බතික් සිල්ක් පාට 3 ක් පමණක් තිබෙනව නම් රු 27,000 ක් පමණ වෙනවා. අපි ළඟ තිබෙන සෑම බතික් ඇඳුමකම උසස් බව දීර්ඝ කාලයක් වර්ණයට හානි නොවී පවත්වා ගන්න පුළුවන්කම අපි විශ්වාසයෙන් කියනවා යනුවෙනි.

මම දේශීය ආයුර්වේද ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට හඳුන්වලා දීලා දැනට අවුරුදු 20 ක් විතර වෙනවා. මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට අත්හදා බැලීම්වලින් උගත් දෙයින් මිනිස්සුන්ට උපකාරයක් ඒ වාගේම සමාජයට සේවයක් කරන්න හිතාගෙන තමයි මම මගේම නිෂ්පාදන හඳුන්වා දෙන්නේ. පිළිස්සුම් සහ විෂ නාශක තුවාල තෛල, කේෂිකා තෛලය, පීනස් තෛල්‍ය, අළුහම් ලේපය, සඳුන් ලේපය, ඉන්නන් සඳහා ලේපය, සෙමට සහ කැස්සට පේයාව, අජීර්ණ සුවය, අම්ල පිත්තයට පේයාව, දන්ත සුවය, සත්ව චර්ම රෝග සුවයට ආලේපන යනා දී ආලේපන තමයි මම හඳුන්වා දීලා තියෙන්නේ.

කොණ්ඩය ගිහින් තට්ටේ පෑදෙන අයට මම හඳලා තියනවා ආලේපනයක්. අවුන්ස ප්‍රමාණයට තමයි ආලේප කරන්න ඕන. මාස 06 ක් වගේ කාලයක් භාවිත කරලා තට්ටේ තිබෙන පුද්ගලයන්ගේ හිසකෙස් වර්ධනය කර ගන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව මම සනාථ කරලා තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යානුකුලව මිනිස්සු තට්ටේ තියෙන අය හිසකෙස් වගා කිරීම් කරන්න විශාල මුදලක් වැය කරනවා. ඒත් මිනිස්සු දන්නේ නැහැ ස්වාභාවික දේශීය ආයුර්වේද ප්‍රතිකාර මඟින් ඒ දේවල් කර ගන්න පුළුවන් කියලා. මගේ ගම්පහ, ගණේමුල්ල හරිත සුවය නිෂ්පාදනාගාරයට ඇවිල්ලා ඕනෑම කෙනකුට මගේ ආයුර්වේද අලේපන වර්ගවල වෙනස වටහා ගන්න පුළුවන්.

මම මගේ ආයුර්වේද නිෂ්පාදන ශ්‍රී ලංකාවේ කිසිම බෙහෙත් ශාලාවක අලෙවි කරන්න දෙන්නේ නැහැ. එලෙස කරන්නේ මම බොහොම වගකීමෙන් පරිස්සමට සකසන මේ නිෂ්පාදන වෙනත් නම්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් හින්දයි. ඒ හින්දා මගේ නිෂ්පාදන මිල දී ගන්න පුළුවන් අපේ ආයතනය තුළින්ම පමණයි.

අපේ අම්මලත් දේශීය ආයුර්වේදය හොඳින් උගත් අය, ඇය ඒ කාලේ මිනිස්සුන්ට බෙහෙත් කළේ නිකං, ඒත් මම නම් ප්‍රතිකාරවලට සාධාරණ මිලක් නියම කරනවා, හොඳ වටිනා ඖෂධයක් මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ලැබීමත් ලොකු පිනක් කියලයි මම හිතන්නේ යනුවෙන් ශ්‍රී සද්ධර්ම ජෝති, කීර්ති ශ්‍රී ලංකාභිමාණී, දේශබන්දු වෛද්‍ය කීර්ති, විද්‍යා භූෂණ, පණ්ඩිත වෛද්‍ය නන්දා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේය.

N & K Cosmetics අපේ ෆේස්බුක් පේජ් එකට ගිහින් අපේ නිෂ්පාදන මිල දී ගැනීමට හැකියාව තියෙනවා. අපි online

තමයි හැම නිෂ්පාදනයක්ම පාරිභෝගිකයාට ලබා දෙන්නේ . Dove,Axe,L'OREAL,Nivea යනා දී ලෝකයේ ප්‍රසිද්ධ වෙළෙද නාම තියෙන නිෂ්පාදන පවතින මිලට වඩා අඩු මුදලකින් අපි ලබා දෙනවා. අපි මේ online ව්‍යාපාරය පටන් ගත්තේ මේ අවුරුද්දේ ජුලි මාසේ, අපි slrcc එකේ අගෝස්තුවල තිබුණ ප්‍රදර්ශනයකටත් සහභාගී වුණා. එහිදීත් අපිට හොඳ ප්‍රතිචාර හම්බ වුණා. අපි ග්ලොරියල් ෂැම්පු එකක් රු 1300, වික්ටෝරියා සීක්‍රට් බොඩි ස්ප්‍රේ එකක් රු 3000 කට වගේ මිලකට තමයි ලබා දෙන්නේ. අපි පිටරටවලින් අපේම අනුදැනුම මත නිෂ්පාදන ගෙන්වන නිසා අපිට සාධාරණ මිල ගණන්වලට දීමේ හැකියාව තියෙනවා. අපිට ව්‍යාපාර ආයතනයක් නැහැ. අන්තර්ජාලයෙන් පමණක් අලෙවි කරන්නේ යනුවෙන් N & K Cosmetics හි හිමිකාරිණිය වන නවංජනා අභිමානි ප්‍රකාශ කළාය.

අපේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනය තමයි ශ්‍රී ලංකාවේ තිබෙන ගෘහ භාණ්ඩ ව්‍යාපාර අතරින් ප්‍රමිතියකින් උසස් මිලෙන් අඩු ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. වැඩිම තාක්ෂණය, අනර්ඝ නිමාව වගේම සාධාරණ මිලකට අපේ

භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. අපේ Fox Furniture හි නිෂ්පාදනය කරන ලද මුළුමනින්ම මහෝගනී ලීයෙන් හදලා තියෙන ඇද අපි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ රු 28,000 කට. ශ්‍රී ලංකාවේ වෙන කිසිම ගෘහ භාණ්ඩ ව්‍යාපාරයකින් මේ වගේ ඇදක් මේ තරම් අඩු මිලකට දෙන්නේ නැහැ. අපිට cost වෙන මිල ප්‍රමාණය බලලා සාධාරණ මිලකට තමයි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. විශේෂයෙන්ම අපි office item වලට life time warranty එකක් ලබා දෙනවා යනුවෙන් Fox Furniture හි සහකාර සාමාන්‍යාධිකාරිවරයකු වන තුෂාර ජයවර්ධන ප්‍රකාශ කළේය.

නිවසක ශ්‍රියා කාන්තාව වන්නේ එම නිවසෙහි කාන්තාවයි. දියණියක වශයෙන් තම පවුලෙහි ගේ දොර රැක ලබා ගැනීමේ වගකීම ඇයට නිතැතින්ම උරුම වන්නේය. ඉන් පසු බිරිඳකවී තම නිවසෙහි ගෘහ අලංකරණ කටයුතුවල ද මූලිකයා වන්නට ඇයට හැකියාව ලැබේ. කාන්තාව තමන්ගේ ස්වකීය රූපය මනාව පවත්වා ගැනීමට මෙන්ම තම ගෘහයත් අලංකාර කර ගැනීමේ භාරදුර කාර්යභාර්ය අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කළ යුතුය. මේ ප්‍රදර්ශනයේ දී විශේෂයෙන්ම කාන්තාවකට තමන්ට, තම නිවසට අවශ්‍ය දෑ එක වහළක් යටින් මිල දී ගැනීමට හැකි වීම සැබවින්ම අගනේය. 

 

නව අදහස දක්වන්න