රක්ෂණ අලෙ­වි­ක­ර­ණය ලොව පිළි­ගත් ගෞර­ව­නීය වෘත්ති­යක් | දිනමිණ

රක්ෂණ අලෙ­වි­ක­ර­ණය ලොව පිළි­ගත් ගෞර­ව­නීය වෘත්ති­යක්

සැප්තැම්බර් මස 01 වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබීමෙන් පසු, ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛපෙළේ චරිත දෙකක් වන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දමයන්ති ප්‍රනාන්දු මෙරට රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ සභාවෙන් මතුවූ ප්‍රශ්න වෙත පිළිතුරු දුන්හ.

රක්ෂණ නියෝජිතයන් පිළිබඳ සමාජයේ පවතින දුර්මත නිවැරදි කරමින්, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය සිය අදහස් දැක්වූවාය. ජනතාව රැකවරණය සැපයීමේ උතුම් සේවාවක නියැලුන රක්ෂණ නියෝජිතයන්ගේ මෙහෙවරේ ඇති වැදගත්කම අප සියළුදෙනාම පළමුව තේරුම්ගත යුතුයි. ඒ වගකීම නිවැරදිව ඉටු කිරීමෙන් රක්ෂණ නියෝජිතයා ලබන්නේ හුදෙක් මූල්‍යමය ප්‍රතිලාභයක්ම පමණක් නොවෙයි සමාජ මෙහෙවරක නියැලීමේ ඉහළ මානසික තෘප්තියකුත් ඔහු ලබනවා. රක්ෂිතයාට හා රක්ෂණ නියෝජිතයාට යන දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන රක්ෂණ අලෙවිකරණය සාර්ථක වීම සඳහා එහි නියැලි රක්ෂණ නියෝජිතයන් සෑම ආකාරයකින්ම සවිබලගැන්විය යුතු අතර රක්ෂණ සමාගම් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. රක්ෂණ අලෙවිකරණය ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ ගෞරවනීය වෘත්තියක්. ඒ නිසා එහි ක්‍රියාත්මක වීම සඳහා යෝග්‍ය රක්ෂණ නියෝජිතයන් තෝරාගැනීමේදී ඉහළ මූල්‍යමය දීමනා පිරිනැමීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, පුහුණු හා කුසලතා ඉහළනැංවීම පිළිබඳවද සලකා බැලිය යුතුයි.”

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් දිවයින පුරා සිටින රක්ෂණ නියෝජිතයන් වෙනුවෙන් සලසා ඇති සහය සේවාවන් පිළිබඳ සභාවෙන් මතුවූ ප්‍රශ්නය වෙත පිළිතුරු එක් කරමින් සුගතදාස මහත්මිය ර්‍ණරක්ෂණ ක්ෂේත්‍ර නියාමන ආයතනය විදිහට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් ලියාපදිංචි රක්ෂණ නියෝජිතයෙක් වීම සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම් නියමකොට තිබෙනවා.

රක්ෂණ අලෙවි කිරීම වෙනුවෙන් රක්ෂණ නියෝජිතයා වෙත හිමිවිය යුතු අනුමත කරන ලද කොමිස් මුදල නිසි පරිදි ඔවුන් වෙත ලබාදීම පිළිබඳවත් අප සොයාබලනවා. අප රටේ රක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් සේවයේ නියැලි ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයත් මෙරට ලියාපදිංචි රක්ෂණ සමාගම් සියල්ලත් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණයෙන් හා මගපෙන්වීමෙන්.” යැයි පැවසුවාය.

ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සිදු කරන කටයුතු පිළිබඳ පැහැදිළි කරමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නොනවතින මෙහෙවරක යෙදී සිටිනවා. දිනෙන් දින නවතාවයන් එක් වෙමින් වැඩිදියුණු වෙන ලොව පිළිගත් රක්ෂණ ක්ෂේත්‍ර සම්මතයන් ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමේ භාරධූර කාර්ය සිදුවන්නේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වෙතින්.” යැයි සුගතදාස මහත්මිය සභාව දැනුවත් කළාය.

ජාතික රක්ෂණ දිනය ලෙස සැප්තැම්බර් මස 01 වැනිදා නම් කරනු ලැබීමත් සැප්තැම්බර් මාසය රක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කිරීම පිළිබඳ සභාව අමතමින් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ර්‍ණරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම උදෙසා විශාල වැඩකොටසක් සිදුකරන්නට මේ ජීවිත රක්ෂණ මාසය තුලදි අපට හැකිවුණා. ඒ වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වූ

 

විවිධ ආකාරයේ වැඩසටහන් අතිශයින් සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා රක්ෂණ සංගමයත් රක්ෂණ සමාගම් සියල්ලත් අපේ අනෙකුත් හවුල්කාර පාර්ශ්වයනුත් දැඩි උද්යෝගයකින් කටයුතු කළා.” යැයි සිය අදහස් දැක්වූවාය.

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දමයන්ති ප්‍රනාන්දු මහත්මිය ර්‍ණජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ වශයෙන් වෙන් වෙන්ව සේවා සම්පාදනය කළත් ගත වූ රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේ සාර්ථකත්වය උදෙසා සියළු රක්ෂණ සමාගම් දැවැන්ත දායකත්වයක් ලබාදුන්නා. ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) කැපවීම මේ සියල්ල ශක්තිමත් කළා.” යැයි පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය, සැප්තැම්බර් මස 01 වැනිදා ජාතික රක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබීම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා රජයේ කැපවීම මනාව පෙන්නුම් කරන්නක්. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් දීප ව්‍යාප්ත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්වලට කැපවීමෙන් යුතුව සහභාගී වූවා. සියළු ශ්‍රී ලාංකිකයන් වෙත රක්ෂණයේ ප්‍රතිලාභ අත්කරදීමේ අපේ ඉලක්කයට තව තවත් ලංවන්නට මේ සියළු දේ උපකාරී වෙනවා.” යැයි සිය අදහස් දැක්වූවාය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...