හොරණ සමෘද්ධිලාභීන්ට මහන මැෂින් ප්‍රදානයක් | දිනමිණ

හොරණ සමෘද්ධිලාභීන්ට මහන මැෂින් ප්‍රදානයක්

පෝරුවදණ්ඩ සමූහ, එච් කුලතිලක

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් අධිවේගී මහන මැෂින් ඇතුළු ස්වයං රැකියා උපකරණ බෙදාදීමක් හොරණ සමෘද්ධි බැංකු ශ්‍රවනාගාරයේදි ඉංගිරිය,හොරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණය කමිටු සම සභාපති, හොරණ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අධි නිතීඥ හේමන්ත වික්‍රමආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුවිය.

මේ අවස්ථාවට හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමත් මද්දුමාගේ, ප්‍රාදේශීය ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු අමුත්තන් රැසක්ද එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න