සිලාවතුර මුහුදු තීරයේ ගරාවැටෙන මාලිගය Doric Bungalow | දිනමිණ

සිලාවතුර මුහුදු තීරයේ ගරාවැටෙන මාලිගය Doric Bungalow

නලින් දිල්රුක්ෂ
මන්නාරම චාරිකාවකදී ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතුම තැනකි ඩොරික් බංගලාව. මන්නාරම සිලාවතුර මාර්ගයේ ගමන් කරනවිට අරිප්පුව නගරයට ආසන්නව මෙම සුවිශේෂ බංගලාව හමුවේ.
 
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වු පෙඩ්රික් නෝර්ත් විසින් (Fedric North) මෙම ගොඩනැගිල්ල ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ශ 1798-1805 අතර කාලය තුළ දී මේ මාලිගය ඉදිකොට ඇත.
 
සුදු පාලකයන් එවක මන්නාරම මුහුදු තීරයේ සිලාවතුර , කොණ්ඩච්චි හා අරිප්පු ප්‍රදේශ මුතුබෙල්ලන් ව්‍යාපාරයේ යෙදෙමින් විශාල ආදායමක් උපයා ඇත. එම කටයුතු නිරීක්ෂනය කිරිම සදහා පැමිණෙන ආණ්ඩුකාර පෙඩ්රික් නෝර්ත් නවාතැන් ගන්නේ මෙම බංගලාවේ බව කියැවේ.
 
මෙය 1940 පුරාවිද්‍යා ආඥාපනතට අනුව ස්මාරකයක් සේ නම්කොට ඇතත් සංරක්ෂණයක් වන බවක් නම් දක්නට නොලැබුණි.
 
මේ මාලිගය පිහිටි ස්ථානයේ ගූගල් සිතියම පහත ලින්කුවෙන් දැක්වේ.

 

නව අදහස දක්වන්න