අගමැතිගේ සූදානම අගය කරනවා | දිනමිණ

අගමැතිගේ සූදානම අගය කරනවා

අසේල කුරුළුවංශ

- අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමි

බැඳුම්කර කොමිසම හමුවේ අවශ්‍ය නම් කරුණු දැක්වීමට තමන් සූදානම් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම අගය කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

තමන්ගේ නම බැඳුම්කර සිද්ධියේදී හෙළි වීමෙන් පසු තමන්ගේ නිරවද්‍යයතාව කොමිසම හමුවේ ප්‍රකාශ කිරීම සැබෑ ජන නායකයකුගේ යුතුකම හා වගකීම බවත් බලය පාවිච්චි කර ප්‍රශ්න වලින් පළා නොගොස් කොමිසම හමුවේ අදහස් දැක්වීමට අගමැතිවරයා ස්වකැමැත්තෙන් එක් වීම යහපත් පූර්වාදර්ශයක් බවත් උන්වහන්සේ කීහ.

ජනතාව තුළ සැකයක් මතුවන කරුණු කෙරෙහි පිළිතුරු ලබා දෙමින් තමන්ගේ නිර්දෝෂි භාවය ඔප්පු කර පෙන්වීමට අගමැතිවරයා කටයුතු කිරීම යහපත් ප්‍රවණතාවක් බවත් ප්‍රශ්න වලින් පළා නොගොස් ප්‍රශ්නවලට මුහුණ දීම නියම දේශපාලනඥයකුගේ ලක්ෂණය බවත් අනුනාහිමියෝ පවසති.

අද වනවිට බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රටේ විශාල අවධානයක් යොමුව තිබෙන බවත් අගමැතිවරයා තමන්ගේ නම කොමිසමේදී හෙළි වීමෙන් පසු කැඳවීමක් කරන්නටත් පෙර ප්‍රකාශයක් ලාබා දීමට එකඟවීම සැබෑ ජන නායකයකුගේ හොඳ ගුණාංගයක් බවත් උපාලි නාහිමියෝ කීහ. 

නව අදහස දක්වන්න