සුනාමියට විනාශ වූ කොටුවේගොඩ පුරාණ ජයසුමනාරාමය | දිනමිණ

සුනාමියට විනාශ වූ කොටුවේගොඩ පුරාණ ජයසුමනාරාමය

තිහගොඩ විශේෂ කැලුම් බෝධිමාන

ශ්‍රී බුද්ධ වර්ෂ 2475 පමණ කාලයේ ඉදිකළ නුවර යුගයට අයත්වන, මාතර නගරයෙහි කොටුවේගොඩ පිහිටි පුරාණ ජයසුමනාරාම රජ මහා විහාරය සුනාමි දළ රළ පෙළත් සමග සියලු දේ විනාශ වී ගොස් වසර ගණනාවක් ගත වී ඇතත් පුරාණ විද්‍යා බලධාරින් හැම දා සැලැසුම් සකස් කිරීම හැර මේවන තෙක් සිදු වු ප්‍රතිංස්කරණයක් නොමැත.1833 දී දොස් බස්තියම් යන පුද්ගයා සුළු භුමිභාගයක් ලෙස මුල් අවස්ථාවේ දී පුජා කිරීම සිදු කර තිබේ. දෙවිනුවර සිට මාතර දක්වා පිණ්ඩපාතයේ වැඩ කළ සුමන යන ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ දී ‍අරලිය ගස් පැවැති අතර එම ස්ථානයේ දී දන් වැලදිම පවා සිදු කරනු ලැබුවා පසුව එම ස්ථානය මාතර සිට බෞද්ධ ජනතාව විසින් මේ ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනගන ලදී. පසුව මේ ස්ථානය කෙටි කාලයක් තුළ දියුණුවට පත් වීම නිසා ස්වාමින් වහන්සේ නමේ වු සුමන යන වචනය හා ජය යන වචනය එක් වී පසුව ජයසුමනාරාමය බව පත් විය.

අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම, බුද්ධ චරිතයේ අවස්ථාවන්, මූර්ති වැනි එකකට එකක් වෙනස් නිර්මාණවලින් මෙම විහාරය සමන්විතය. සුනාමි උවදුරට මෙම විහාරය ගොදුරු වූ නිසා මෙම විහාරස්ථානය අබලන්ව ගොසිනි. බිත්තිවල ඇදි සිතුවම් සේදී ගොස් ඇත. යටලී බාල්ක දිරා ගොස්ය. මෙහි ඇතුළත විශාල හිදි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම සියල්ල පුපුරා ගොස් ඇත.නිතිපතා විශාල පිරිසක් පැමිණෙන මෙම විහාරයේ බුදු මැදුර කඩාවැටුණ හොත් විශාල විනාශයක් වීමට ඉඩ තිබේ. මේ තරම් දිගු කාලයක් ගත වුව ද මේ මෙය ප්‍රතිසංස්කරණය කර ගැනීමට මේ පිරිසට හැකි නොවීම ඉතාම කණගාටුදායි තත්ත්වයකි.

මෙම පුරාණ විහාරය මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති එක් විහාරස්ථානයකි. එනිසා නිසි අවසරයක් හා අධීක්ෂණයක් යටතේ මෙම විහාරය සංවර්ධනය කර දෙන මෙන් විහාරාධිපති හිමියන් හා දායක සභාවේ සමාජිකයන්, බැතිමතුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න