බණ්ඩාරපොළ රජයේ ඉඩම්වල ගස් කැපීම තහනම් කරයි | දිනමිණ

බණ්ඩාරපොළ රජයේ ඉඩම්වල ගස් කැපීම තහනම් කරයි

නීතිවිරෝධීව මාතලේ, බණ්ඩාපොළ රජයේ වත්තේ විශාල ගස් 110ක් කපා ඉවත්කළ බවට ප්‍රදේශවාසීහු ඉදිරිපත් කළ ලිපියකට අනුව එම වතුයායේ දැව කැපීම තාවකාලිකව තහනම් කිරීමට රත්තොට ප්‍රාදේශීය ලේකම්වරයා නියෝග කර තිබේ.

රත්තොට ප්‍රාදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා පසුගියදා එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් දැව කැපීම ප්‍රවාහනය දැක මේ නියෝගය කර තිබේ.

දැව කැපීමෙන් දිය උල්පත් සිඳීයාම, තේ වගාව විනාශ කරමින් දැව කපා බිම හෙලීම, කන්ටේනර් භාවිතයෙන් පාරවල් විනාශවීම වැනි ගැටලු රැසක් ප්‍රදේශවාසීන් විසින් ලිපි මගින් මාතලේ මහ දිසාපති සහ රත්තොට ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇත. ඒ අනුව මේ පියවර ගෙන ඇත.

මාතලේ මධ්‍යම සමූහ සිරි අබයසිරි

නව අදහස දක්වන්න