හුරිගස්වැව-කටියාව පාර පුරා වළවල් | දිනමිණ

හුරිගස්වැව-කටියාව පාර පුරා වළවල්

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

ගල්නෑව-තඹුත්තේගම මාර්ගයේ පිහිටි හුරීගස්වැව හන්දියේ සිට කටියාව හන්දිය තෙක් දිවෙන කිලෝ මීටර් 8ක පමණ දිගින් යුතු මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 2010 වර්ෂයේ දී මේ මාර්ගය තාර අතුරා ප්‍රතිසංස්කරණය කොට ඇතත්, එය තවත් ජනතා මුදල්

කොල්ලකෑමක් පමණක් වී ඇති බව ප්‍රදේශවාසීහු කියති. අතුරණ ලද තාර පදාස ගැලවී, වළ ගොඩැලි ඇති වී ගල් මුල් මතුවී ඇත. මාර්ගයේ ගමන් ගන්නා දහස් ගණනකට නේක හරිහැර ගෙන දුන්න ද මෙතෙක් වගකිව යුතු අවධානය ඒ කෙරෙහි යොමුව නැති බව ඔවුහු පවසති.

ගල්නෑව ප්‍රාදේශීය සභා බල ප්‍රෙදේශයේ පිහිටි හුරීගස්වැව ගම්මානයේ ප්‍රවේශ මාර්ගය වන්නේ ද තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කටියාව ගොවි ජනපදයේ ගම්මාන ගණනාවක ප්‍රජාව සිය විවිධ අවශ්‍යතාවයන්ට භාවිතා කරන්නේ ද මේ මාර්ගයයි. ගොවීන්ගේ

අස්වනු වෙළෙද පොළ වෙත ගෙන යෑමේදී ද මාර්ගයේ පවතින අසාධ්‍ය ස්වභාවය මහත් බාධාවක් වී ඇත. ගල්නෑව විද්‍යලයට සහ තඹුත්තේගම මධ්‍ය මහා

විද්‍යාලයට මෙන්ම කලංකුට්ටිය විද්‍යාලයට එන දරුවන් ද භාවිතා කරන්නේ මේ පාරයි.

එස්. සරත් කුමාර මහතා - මනුස්සයෙකුට හදිසි අසනීපයක් හැදුණොත් හැතැම්ම 15ක් විතර එහායින් තියෙන තඹුත්තේගම ඉස්පිරිතාලෙට යන්ඩ ඕන. නැත්නම් ගල්නෑවට යන්ඩ ඕන. අසනීපයක් හැදිච්ච කෙනෙක් කොහොමද හදිසියකට මේ පාරේ යන්නේ. ඉස්පිරිතාලෙට යනකොට එක්කෝ තියෙන අසනීපේ අසාධ්‍ය වෙනවා. නැත්නම් ලෙඩා නැතිවෙනවා.

පී. ඩී. අශෝක පුෂ්ප කුමාර මහතා - එක අතකින් මේවා ජාතික අපරාධ. අවුරුද්දක් දෙකක් යනකොට එකම ගල් ගොඩක් වෙන්ඩ නම් මේ පාරවල් හදන්න ඕන නෑනේ. හරිහමන් විදිහට හොයා බැලිල්ලක් නෑ. නිලධාරි තමන්ගේ රස්සාව හරියට කෙරුව නම් කොන්ත්‍රාත්කාරයන්ට මෙහෙම

වංචාවල් කරන්ඩ වෙන්නේ නෑ.

බී.එම්. ජයතිලක මහතා - මේ හැම ගමකම වගේ 90%ක් විතර මිනිස්සු ගොවිතැනින් ජීවත් වෙන්නේ. අස්වැන්න කරදරයක් නැතිව

විකුණගන්ඩ ගෙනියගන්ඩ විදිහක් නෑ අපිට. පාරේ හැටි දැක්කහම කිසිම මනුස්සයෙක් අස්වැන්න ගන්න ගමට එන්නේ නෑ.

නව අදහස දක්වන්න