වවුනියාවේ ගම්මාන රැසකට වන අලි කරදර | දිනමිණ

වවුනියාවේ ගම්මාන රැසකට වන අලි කරදර

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

වවුනියාව හා කැබිතිගොල්ලෑව අතර පිහිටි මායිම් ගම්මාන කිහිපයක ගොවි ජනතාවට මෑතක සිට දිගින් දිගටම වල් අලි තර්ජන හේතුවෙන් එම ගම්මාන වල වැසියන් ගැටලු රැසකට මුහුණපා සිටියද මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුවී නොමැති බව එම ගම්මානවල වැසියෝ පවසති.

මෙසේ වල් අලි තර්ජනයට ලක්ව ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලෑපුලියන් කුලම, දුටුවැව, කුංචුට්ටුව, විහාරහල්මිල්ලෑව ,හල්මිල්ලවැටිය හා මහරලපනෑව ආදි ගම්මානවල බවද එම ගම්වැසියෝ පවසති. මෙම ගම්මාන අතරින් වැඩි වශයෙන්ම වල් අලි කරදරෙන් පීඩා විඳින්නේ කැලෑපුලියන්කුලම් ගම්වාසීන් වන අතර පසුගියදා ගම්මානයේ පිහිටි ගෙවතු රැසකට ඇතුළු වූ වල් අලි වගාවන්ට දැඩි ලෙසින් හානි සිදුකර තිබේ.

නිරන්තරයෙන් සිදුවන මෙම වල් අලි තර්ජන සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම වනජීවි නිලධාරීන් ග්‍රාම නිලධාරි මහතා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළද මේ වනතෙක් කිසිදු විසඳුමක් නොලැබී නැතැයිද කැලෑපුලියන්කුලම් ගම්වාසීහු පවසති.

ගම් වැසියන් පවසන්නේ සිටින්නේ වල් අලින් සෑම දිනකම අඳුර වැටෙන්නට ආසන්න සමයේ ගම්මාන වලට ඇතුළු වන අතර කිසිදු වැසියෙකුට සවස් කාලයේ නිවෙස් වලින් පිටවීමට නොහැකි තත්ත්වයක්ද උදා වී ඇති බවයි. එමෙන්ම ගෙවතු වල වගා කොට ඇති පොල් කෙසෙල් එළවළු ඇතුළු වගාවන් විනාශ කරන වල් අලින් එලවා දැමීමට නොහැක්කේ විදුලි පන්දම් එළියක් හෝ ශබ්දයක් ඇසුණු සැනින් මිනිසුන් පසු පස වල් අලි ලුහුබැඳ නිසාවෙන් එන නිසාවෙන් බවද එම ගම් වැසියෝ පවසති.

නව අදහස දක්වන්න