ශී‍්‍රලනිපයට නව දිස්ති‍්‍රක් සංවිධායකවරු 09ක් | දිනමිණ

ශී‍්‍රලනිපයට නව දිස්ති‍්‍රක් සංවිධායකවරු 09ක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු 09 දෙනෙක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අනුව අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක 05 සඳහා මෙලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත‍්‍රික් සංවිධායකවරු පත්කර ඇත.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

නලීන් ගුණසේකර මහතා කොළඹ දිස්ත‍්‍රික්කය
මීරා ලෙබ්බේ රෙබුපාසම් මහතා අම්පාර දිස්ත‍්‍රික්කය
නවනීදරාජා මහතා අම්පාර දිස්ත‍්‍රික්කය
අයි.එච්. අබ්දුල් වහාබ් මහතා අම්පාර දිස්ත‍්‍රික්කය
ටී. රෆයිඞීන් මහතා අම්පාර දිස්ත‍්‍රික්කය
ප‍්‍රනීත් පද්මතිලක මහතා මාතර දිස්ත‍්‍රික්කය
එම්.එච්.එම්. සකරියා මහතා රත්නපුර දිස්ත‍්‍රික්කය
ආරියරත්න විජේවික‍්‍රම මහතා අම්පාර දිස්ත‍්‍රික්කය

 

(මහඔය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය සඳහා)

සුජීව ගොඩලියද්ද මහතා මාතලේ දිස්ත‍්‍රික්කය

 

නව අදහස දක්වන්න