Mitsubishi’s Outlander PHEV රිය පැදවුමට නවමු අරුතක් | දිනමිණ

Mitsubishi’s Outlander PHEV රිය පැදවුමට නවමු අරුතක්

Mitsubishi’s Outlander PHEV රථය කෙනෙකුගේ රිය පැදවීමේ අත්දැකීමේ සීමාවන් නව මානයකට රැගෙන යාමේ හැකියාවක් ඇති රථයක් ලෙස හැඳින්විය හැකිය.

එම රථයේ විදුලි මෝටරය සහ පෙට්‍රල් එන්ජිම එක්ව ක්‍රියාකරන සුවිශේෂී තාක්ෂණය බොහෝදෙනකු අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මෙමගින් එම රථය හිමි අයට එය තම නිවසේදීම විදුලි බලයෙන් ආරෝපණය කරගත හැකි අතරම ගමනේදී උපරිම පහසුවක්, සුරක්ෂිතතාවක් මෙන්ම කල් පැවැත්මක්ද ලබාදෙයි. සුවපහසුව හෝ ක්‍රියාකාරිත්වය නොඅඩුව ලබාදෙන අතරම උපරිම පරිසර හිතකාමිත්වයක් සහතික කිරීමට මෙහි ඇති නිර්මාණශීලී Plug - in Hybrid EV පද්ධතියට හැකියාව ඇත.

ධාවනය වන අතරතුර එහි ඇති අධිබලැති ජෙනරේටරය මගින් බැටරි නැවත ආරෝපණය වන බැවින් අවශ්‍ය මොහොතේදී රථය විදුලි මෝටරය මගින් ධාවනය කළ හැකි වේ. ඉඩකඩ උපරිම වශයෙන් පවත්වා ගැනීමට මෙන්ම ගුරුත්ව කේන්ද්‍ර‍ය හැකිතාක් පහතින් තබමින් සුරක්ෂිතතාව සහ හැසිරවීමේ හැකියාව වැඩි කිරීම සඳහා බැටරිය රථයේ යටින් සවිකර ඇත.

නව අදහස දක්වන්න