සරණ ගුණවර්ධන ලබන 30 දක්වා යළි රිමාන්ඩ් | දිනමිණ

සරණ ගුණවර්ධන ලබන 30 දක්වා යළි රිමාන්ඩ්

රක්ෂිත භාරයෙන් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා තවදුරටත් ලබන 30 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (16) නියොග කර තිබේ.

සැකකාර මන්ත්‍රිවරයාට බන්ධනාගාර භාරයේ සිටියදීම බන්ධනාගාර නිලධාරින් ඉදිරියේ අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග අතර සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරය ලෙස සිටියදී රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයන ය කර ඇති නමුත් එම රථය භාර නොදී තම භාවිතාය සඳහා යොදා ගත් බවට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සරණ ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇත‍. 

ජනාධිපති නිතිඥ අනිල් ද සිල්වා මහතා පුමුඛ නිතිඥ මඩුල්ල සැකකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ඉදිරි දිනක ඇප ඉල්ලීම ලිඛිතව සිදු කරන බව අධිකරණයට දැනුම් දී අති අතර සේවා දායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පොදු දේපල පනත යටතේ ඉදිරිපත් කළ නොහැකි බවත් අදාළ වාහනය සම්බන්ධයෙන් එවකට හිටපු සංවර්ධන ලොතරුයි මණ්ල සභාපතිවරයා තමන්ට සිය ධුරයේ කටයුතු කිරිමට සරණ ගුනවර්ධන මහතා ඉඩ ලබා දෙන්නේ නැති බවට ප්‍රකාශ කර ඇති බවත් මේ වන විට සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරස්පරතාවයන් ඇති බවටත් කියා සිටියේය.

වාහනය ඔහුට ලබා දීම හේතුවෙන් වාහනය ‍ගෙන්වන ලද ඇසෝසියේටඩ් මෝටර් වේස් සමාගමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් නොගෙවීම සිදු කර ඇති බවටත් වා‍හනය සරණ ගුණවර්ධන ගෙන ගියා කියමින් ‍මුදල් නොගවා සිටිමත් එමෙන්ම මේ වන විට අධිකරණයට එම වාහනය අයත් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බව කියමන් නඩු පැවරීම පරස්පර බවත් කී ජනාධිපති නිතිඥවරයා එ‍කරුණු එසේ වන්නේ නම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන අධිකරණ බලය අහිමිව යන්නේ යැයිද කියා සිටියේය.

සැකකරු අධික ලෙස දියැවැඩියා රෝගයෙන් පෙළෙන බවත් මෑත කා‍ලයේ ශරිරියේ සිනි මට්ටම 230 ඉක්මවා ඇති බවටත් දිනකට ඉන්සියුලින් එන්නත තුන්පාරක් ලබා ගත්තා බවත් අධිකරණයට කී අනිල් සිල්වා මහතා තම සේවා දායකයා සැප්තැම්බර් මාසයේ සිට අක්ෂි රෝගයක් සම්බන්දයෙන් ප්‍රථීකාර ලබන බවද අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළළව ජනාධිපති නිතිඥ අනිල් ද සිල්වා මහතා නිතිඥ ජයන්ත ඩයස් නානායක්කාර යන මහත්වරුන්අධිකරණයට කරුණු දැක්වීය.

(සුභාෂිනී සේනානායක)

 

නව අදහස දක්වන්න