හඳුන් දිවියා ළිඳේ වැටිලා | දිනමිණ

හඳුන් දිවියා ළිඳේ වැටිලා

මැදවච්චිය සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි ආරක්ෂිත ගැඹුරු ළිඳකට වැටුණු දුර්ලභ ගණයේ හඳුන් දිවියකු ගොඩ ගෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදාහැරීමට අනුරාධපුර පණ්ඩුලගම වනජීවි කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. සංගිලිකනදරාවේ පිහිටි නිවසක ඉදිකර තිබූ අඩි තිහක් පමණ ගැඹුරු ජළය සහිත ළිඳට දිවියෙකු වැටී සිටින අයුරු දුටු නිවෙස් හිමියන් ඒ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවි නිලධාරින්ට දැනුම් දී ඇති අතර වනජීවි නිලධාරිහූ පැමිණ විශාල වෙහෙසක් දරා දිවියා ගොඩට ගනු ලැබූහ. දිවියා ආරක්ෂිතව විල්පත්තුව ජාතික වන උද්‍යානයට මුදාහරින බවත් ඔවුහූ පැවසුහ.

ජායා- අනුරාධපුර මධ්‍යම විශේෂ 

නව අදහස දක්වන්න