ඉදිරි දිනවලත් වැස්ස | දිනමිණ

ඉදිරි දිනවලත් වැස්ස

ඉදිරි දින කිහිපයේ දීත් දැනට පවතින වැසි තත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි අපේක්‍ෂිතය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

නව අදහස දක්වන්න