අත්තනගල්ල ආසනය හිටපු ජනපතිනියට - UPDATE | දිනමිණ

අත්තනගල්ල ආසනය හිටපු ජනපතිනියට - UPDATE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇගයීමක් ඊයේ(12) සිදුකර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ඇත.

 

එම පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසිනි.

සංවිධායක පුරප්පාඩු පිරවේ - UPDATE

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම හා මහින්දානන්ද අලුත්ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතුගම ආසන සංවිධායක ධුරයට ප්‍රියංගනී අබේධීරත්, නාවලපිටිය ආසන සංවිධායක ලෙස එච්.ඒ රණසිංහත් පත්කෙරේ.

වෙල්ගම හා මහින්දානන්ද සංවිධායක ධුරවලින් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඊයේ (12) පස්වරුවේ සිය ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇත.

කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක වශයෙන් කටයුතු කළ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරය හෙබවීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...