තායිවානයේ ගිණුම් හැක් කිරීම පිළිබඳ මෙරට පරීක්ෂණ අරඹති | දිනමිණ

තායිවානයේ ගිණුම් හැක් කිරීම පිළිබඳ මෙරට පරීක්ෂණ අරඹති

විජයානී එදිරිසිංහ

හැක් කරන ලද තායිවාන් ගිණුම පිළිබඳ තායිවාන් ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12දා) පරීක්ෂණ ආරම්භ කර ඇත.

තිදෙනෙකුගෙන් සමන්විත එම ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම මෙසේ පරික්ෂණ කරනු ලබන්නේ පසුගියදා තායිවානයේ ප්‍රයිඊස්ටන් බැංකුවේ ගිණුමක් හැක් කර එම මුදල් ඩොලර් මිලියන 60ක් සොරකම් කිරීමේ වංචාවට අදාළව මෙරට සැකකරුවන්ගේ ගිණුම්වලට අදාළ තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ සම්බන්ධව සිදුකරනු ලබන පරීක්ෂණ හා එකතු වී මෙම තායිවාන් කණ්ඩායම සිය පරීක්ෂණ සිදුකරනු ලබයි.

තවද එසේ පරීක්ෂණ සිදුකිරීම සඳහා තායිවාන් කණ්ඩායමට අධිකරණ අවසරයද ලබා දී තිබේ.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරන ලදැයි කියන සිද්ධියට අදාළව එම තායිවාන් බැංකුව හැක්කර ගත් මුදල් තවත් කෙබඳු ගිණුම්වලට යොදා ඇත්ද යන්න මෙහිදී පරීක්ෂණයට භාජනය කෙරේ.

නව අදහස දක්වන්න