වසර 2030 වනවිට ජයගත යුතු තිරසර ඉලක්ක රැසක් පවතිනවා | දිනමිණ

වසර 2030 වනවිට ජයගත යුතු තිරසර ඉලක්ක රැසක් පවතිනවා

ස්වර්ණා විජේකෝන්

වසර 2030 වනවිට ජයගත යුතු තිරසර ඉලක්ක රැසක් පවතින බවත් තිරසර සංවර්ධනයේදී සෞඛ්‍ය,අධ්‍යාපනය,කුසලතා වර්ධනය මඟින් ජනතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනිම වෙනුවෙන් රජය මෙන්ම පාර්ලිමේන්තුව ලෙසත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් කතානායකවරයා සඳහන් කෙළේය.

ජනගහණය හා සංවර්ධනය පිළිබඳ 12 වන මහ සමුළුවේ පාර්ලිමේන්තු ආසියානු සැසිය ආරම්භ කරමින් කතානායකවරයා පසුගියදා (9) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කෙළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු කතානායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. පසුගිය දා පැවැත්වූ 12 වැනි සමුළුව සාර්ථක ආකාරයෙන් නිමා කළා. එහිදී බොහෝ දේ සාකච්ඡා කිරීමට හැකි වුණා.ඉහළ යන ජනගහන ගැටළු සඳහා මූල්‍ය සහාය ලබාගැනීම වැදගත්.

ශ්‍රී ලංකාව ලෙස අපි අයවැයෙදීත් ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.තිරසර සංවර්ධනයට වගකිව යුතු කාර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා. වසර 2030 වනවිට සාක්ෂාත් කරගත යුතු තිරසර ඉලක්ක පවතිනවා. ඒ සඳහා සැළසුම් සකස් කරමින් පවතිනවා.පසුගිය දශක කිහිපය තුළ ජනගහණයේ වර්ධනයක් මෙන්ම ජන සංයුතියේ වෙනසක් සිදු උනා.ආසියානු කළාපය තුළම මේ තත්ත්වය දක්නට ලැබෙනවා.වැඩිවන ජනගහණයට සාපේක්ෂව අතිරේක මූල්‍ය සම්පත් සොයා ගැනීම ,වැය කිරීමට සිදුවෙනවා.

තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම වෙනුවෙන් අපට බොහෝ දේවල් සිදුකිරිමට සිදුව තිබෙනවා.ඒ වගේම 2030 පමණ වනවිට තිරසර සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ යුතු ,

වගකීම් රැසක් තිබෙනවා.එය ලෝකයටම පැවරෙන වගකීමක්.ඒ වගේම තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේදී දේශීය මෙන්ම ජාත්‍යන්තර ආකෘතීන් කෙරෙහිද අවධානය යොමුකරන්නට සිදුවෙනවා.එමෙන්ම තිරසර සංවර්ධනයේදී කිසිවකු අත් නොහැර ගමන් කිරීමද සිදුකළ යුතුයි.

අවසානයේදී අපගේ ඉලක්කය වන්නේ තිරසාර සංවර්ධනයයි.එමෙන්ම සෑම කෙනාටම සමසේ ජීවත්වීම අයිතිවාසිකම් ලබාදීම, ශක්තිමත්ව ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුයි.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා-ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තිරසර සංවර්ධනය වෙනුවෙන් ශක්තිමත් ඉදිරි පියවර රැසක් ගෙන තිබෙනවා.

මෙවර සමුළුව පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස දායක වෙනවා.තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම වෙනුවෙන් අපගේ රට පාර්ලිමේන්තුව ලෙස බොහෝ දේ සිදුකර තිබෙනවා.

තිරසර සංවර්ධන කාරක සභාවක් ස්ථාපිත කිරීමත් පාර්ලිමේන්තුව ලෙස සිදුකර තිබෙනවා.අයවැය මඟින්ද තිරසර සංවර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදෙනවා.

ජපානය ඇතුළු ලෝකයේ අනෙකුත් රටවලට මෙන්ම අපගේ රටටද අපගේ වැඩිහිටි ජනගහණය වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා.සංවර්ධන ක්‍රියාවලීයට තරුණ පිරිසගේ දායකත්වය ලබාගැනීම සිදුකළ යුතුයි.අද උදේ අපි තරුණ පාර්ලිමේන්තුවේ සැසියකට සහභාගී වුණා. එහිදි අද ඔවුන් සාකච්ඡා ක‍ළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව. ඇත්තටම එය හොඳ විවාදයක්.ඇත්තටම මේ තරුණයින් බලගැන්වීම සිදුකළ යුතුයි.

මේ අවස්ථාවට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන්වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ඇතුළුව විදෙස් රටවල් රැසක් නියෝජනය කරන කතානායකවරුන්, නියෝජ්‍ය කතානායකවරුන්, තනාපතිවරුන්, විදෙස් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...