රක්ෂිතයෙන් කැපූ බුරුත ඇඳක් යටින් මතුවෙයි | දිනමිණ

රක්ෂිතයෙන් කැපූ බුරුත ඇඳක් යටින් මතුවෙයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

කුච්චවේලි පොලිස් වසමට අයත් කුඹුරුපිටිය නාවච්චෝලේ ප්‍රදේශයේ නිව‍ෙසක ඇඳක් යට සඟවා තිබූ බුරුත දැව තොගයක් සමග එම නිවෙස් හිමියා අත්අඩංගුව ගැනීමට ත්‍රිකුණාමලය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරිහු සමත්වුහ. කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවිම යටතේ සිදුකළ මෙම වැටලිමේදි අඩි හතක් දිග බුරුත දැව කැබලි හතක් හා අඩි පහ දිගින් යුතු බුරුත දැව කැබලි 14ක් මෙසේ සොයා ගැනිමට හැකිවිය. රක්ෂිතයකින් කපාගන්නා දැව සැකකරුට ලබාදි ගැනුම්කරුවන් එන තෙක් මෙම දැව සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරු දැව සමඟ වැඩිදුර පරික්ෂණ සඳහා කුච්චවේලි පොලිසිය භාරදී තිබේ. එම ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටි.ජනෝසන් කොස්තාපල්වරුන් වන සම්පත්, තවුපික් මහරුප්, ඉන්දික වන්නිනායක ජයසිංහ , ජයතිලක යන නිලධාරිහු මෙම වැටලීමට එක්වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...