ළමා අයිතිවාසිකම් දැනුවත් කිරීමේ පා ගමන | දිනමිණ

ළමා අයිතිවාසිකම් දැනුවත් කිරීමේ පා ගමන

හැටන් සමුහ - චන්දන ජයවීර

ළමා අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස හා ළමයන් සඳහා ආරක්ෂාව නිසි පරිදි ලබාදීම වැඩිහිටියන්ගේ වගකීම බව අවධාරණය කරමින් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් කොටගල පතන ප්‍රදේශයේදි පැවැත්විය.

හැටන් කොටගල ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පිඨයේ අභ්‍යාසලාභි පුහුණු විම් ලබන ගුරුවරුන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් එක්ව හැටන් නුවරඑළිය ප්‍ර‍ධාන මාර්ගයේ පතන මංසන්ධියේ සිට ශ්‍රීපාද විද්‍යා පිඨය දක්වා පාගමනක නිරත වෙමින් පුවරු ප්‍ර‍දර්ශනය කරමින් සාමකාමි පෙළපාලියක් ලෙස මෙය පැවැත්වුහ.

අධ්‍යාපන පිඨය තුළට පිවිසීමෙන් අනතුරුව ළමා මනසේ නිදහස් බව ප්‍ර‍දර්ශනය කරමින් බැලුන් ගුවනට නිදහස් කිරිම සිදු කරන ලදී. අනතුරුව ළමා ආරක්ෂාව හා එය තහවුරු කරගැනීම, ක්‍රියා පිළිවෙත පිළිබඳ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.

එම අවස්ථාවට ශ්‍රිපාද අධ්‍යාපන විද්‍යා පිඨයේ පිඨාධිපතිනි ආර්.එස් කේ රමණි අබේනායක,දිඹල පතන පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුභසිංහ, පාසල් ශිෂ්‍ය ශීෂ්‍යාවන්, අභ්‍යාසලාභි ගුරුවරු, දේශකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...