ඉදිරි දස වසරේ දී වහල මත සූර්යබල පද්ධති දස ලක්ෂයක් | දිනමිණ

ඉදිරි දස වසරේ දී වහල මත සූර්යබල පද්ධති දස ලක්ෂයක්

හිදෝගම සමූහ චිත්‍රාරත්න කළුආරච්චි

රජයේ ඉලක්කය වනුයේ ඉදිරි අවුරුදු දහය තුළදී වහල මත සවි කළ සූර්යබල පද්ධති දස ලක්ෂයක් ස්ථාපිත කිරීමයි. මෙම ඉලක්කය සපුරා ගැනීමට මහා බිත්‍රාන්‍ය යේ යූ.කේ.සොල් (U.K.Sol) සමාගම හා එක්වී සිටින ශ්‍රී ලංකාවේ සන්ලීප් සොලියුෂන් ආයතනය (Sunleaf Solar Solutions) සමග විශාල වැඩ කොටසක් කිරීමට බලාපොරොත්තු වනවා. යැයි මහා බිත්‍රාන්‍ය යේ යූ.කේ.සොල් සමාගමේ සභාපති ඇන්ඩෘෘ මෝරේ මහතා (Andrw Moore) පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු යන මහත්වරුන් හමුවු අවස්ථාවේදී යූ.කේ.සොල් සභාපතිවරයා මෙසේද කීහ.

ශ්‍රී ලංකා රජය 2020 වසර වන විට මෙගාවොට් 200ක ධාරිතාවක් ද වසර 2025 වන විට මෙගාවොට් 1000 ක ධාරිතාවක් ද ලබා ගැනීමට බලාපොරොත්තු වනවා. ඒ ඉලක්කයට යා හැකියි. නිවාස දස ලක්ෂයක වහල විදුලි බලාගාර බවට පත්කිරීමේ රජයේ සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සූර්ය විදුලි බල වැඩ සටහන ඉතා සාර්ථකව පවත්වා ගෙන යනවා. අප යූ .කේ .සෝල් සමාගම මෙතෙක් සවිකර ඇති සෝලා පිළිබඳමෙතෙක් කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. හැමෝම වාසි දායක බව පවසනවා. ශ්‍රී ලංකාවේ අප ආයතනයේ එකම අලෙවි නියෝජිත වන සන්ලීප් සෝලා සොලියුෂන් ආයතනයද ශ්‍රී ලංකාවේ වහල මත සෝලා සවි කර තිබෙනවා. ඒවායේද අද වන තෙක් කිසිම පැමිණිල්ලක් ලැබි නැහැ. සූර්ය විදුලිය ලබාගෙන වහල මත සවි කරන සෝලා සවිකිරීමෙන් රජයට, පාරිභෝගිකයාට, විදුලි බල මණ්ඩලයට ඉතාම වාසිදායකයි.හොද ආදායමක් ලබන බව සෝලා සවි කළ හැමෝම පවසනවා. පාරිභෝගිකයාට ආදායමක් ලැබෙන අතර ,විදුලි බිලක් කිසිම දිනෙක ගෙවන්නට වන්නේ නැහැ. පරිසරයටත් හානියක් නැහැ.

යූ .කේ .සෝල් අප ආයතනය වසර තිහක වගකීමක් දරනවා.ලංකාවේ වසර තිහක වගකීමක් සෝලා වෙනුවෙන් දරන්නේ අප ආයතනය පමණයි. ලංකාවේ අප ආයතනයේ එකම අලෙවි නියෝජිත ආයතනය වන සන්ලීප් සෝලර් සොලියුෂන් ආයතනය එහි සේවක මඩුල්ල විශාල උනන්දුවකින් වැඩ කටයුතු කරනවා. ඒ පිලිබදව මම වඩාත්ම සතුටු වනවා. තිස්වසරක බ්‍රිතාන්‍ය වගකීමක් ඇති බ්‍රිතාන්‍ය සූර්ය පැනලය ලංකාවේ සවි කිරීමට හැකිවීම පිළිබඳ මා සතුටු වනවා. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම ඇති තද අව් රශ්මියෙන් ප්‍ර යෝජන ගෙන වැඩි ආදායමක් ලබා රටට සේවයක් ඉටු කිරීමටත් පරිසරය ආරක්ෂා කරමින් රජයේ ඉලක්කය සපුරා ගැනීමට සියළු දෙනාගේ සහයෝගය යු.කේ.සෝල් වෙත ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ජනාධිපති සම්බන්ධීකරන ලේකම් රජික කොඩිතුවක්කු මහතා ලබා දුන් සහයෝගය ඉතාම අගය කරනවා. ඔබතුමන්ලා රජය හැටියට මේ විදියට උදව් කරනවානම් වසර 2020 වන විට රජයේ ඉලක්කය වන මෙගා වොට් 1000 ධාරිතාව ළඟාකර ගත හැකි වෙනවා.

මෙම අවස්ථාවේදි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් යූ.කේ.සොල් සභාපති ඇන්ඩෘෘ මෝරෙ මහතාට විශේෂ තිළිණයක්ද ලබාදුන් අතර ,සන්ලීප් සෝලර් සොලියුෂන් ආයතනය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට විශේෂ තිළිණයක් ලබා දුන්හ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...