අනුරපුර හරිස්චන්ද්‍රයට වසර 62යි | දිනමිණ

අනුරපුර හරිස්චන්ද්‍රයට වසර 62යි

අනුරාධපුර දිසා විශේෂ වෝල්ටර් දයාරත්න

මහබෝධි විදුහලට පුස්තකාලයක්

අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විදුහලේ හැට දෙවන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයේ ඇතුල්නුවර පිහිටි වසර 134ක් වූ මහබෝධි ආදර්ශ මහ විදුහලට පුස්තකාලයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරිනණි.

මහබෝධි ආදර්ශ විදුහලේ විදුහල්පති එච්.එම්. කරුණාරත්න මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකරන උසස් මෙහෙවර නිසා මෙම මහා සත්කාරය වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ විදුහල්පති ඩී . රණසිංහ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත නියෝජ්‍ය විදුහල්පති අජිත් අමරජීව මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් පාසල් සංවර්ධන සමිතියේත් ආදි ශිෂ්‍ය සංගමයේත් හරිස්චන්ද්‍ර විදුහලේ 6-7-8-9 යන ශ්‍රේණිවල දරුවන්ගේත් කැපවීම හා පරිත්‍යාගයන් මත මෙම වලිසිංහ හරිස්චන්ද්‍ර පුස්තකාලය ලබාදීම සිදු කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාවට විශේෂ ආරාධිතයා යවශයෙන් සහභාගි වූ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. ඇම්. කේ. ආර්. බණ්ඩාර මහතා ප්‍රධාන විශේෂ ආරාධිතයන් අනුරාධපුර පැරණි රෝහල් මං සන්ධියේ සිට වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ තූර්යවාදක කණ්ඩායම මඟින් මහත් හරසර මැඳ කැඳවාගෙන පැමිණ ආගමික කටයුතුවල නිරතවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ධජයන් එසවීම සිදු කරන ලදී . වලිසිංහ හරිස්චන්ද්‍ර පුස්තකාලය විවෘත කිරීමද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ සහ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල්පතිවරයාගේ අතින් සිදු කරන ලදී.

අනතුරුව පැවැති උත්සව සභාව අමතා කථා කළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාත්, වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල්පතිවරයාත් පොත් පත් පරිශීලනය තුළින් දරුවන්ගේ අනාගතය වෙනුවෙනු සිදුවන සේවය පිළිබඳව උපදේශාත්මකව ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වන ලදී.

නව අදහස දක්වන්න