කොට්ටාව ඇඹුල්දෙණිය පාලමේ යකඩ කම්බි හරි අවදානම් | දිනමිණ

කොට්ටාව ඇඹුල්දෙණිය පාලමේ යකඩ කම්බි හරි අවදානම්

මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

කොට්ටාව කටුකුරුන්ද, ඇඹුල්දෙණිය මාර්ගයේ (ශ්‍රී සම්බුද්ධි ජයන්ති මාර්ගය) ඉදිකර ඇති පාලම, මාර්ගයේ පිහිටි මට්ටමට වඩා අඟල් අටක් පමණ උසකින් යුක්තව සාදා, පාලමට දැමු යකඩ කම්බි එක් පැත්තකට අඩි කිපයක් පිටතට නෙරා තිබේ. කඩුවෙල මහ නගර සභාව මගින් මේ පාලම ඉදිකර මාස හතක් පමණ වේ.

මාර්ගයට වඩා උසින් පාලම ඉදි කර ඇති නිසා, රථ වාහන ගමන් කිරීමේ දී රථ වාහනවලට විවිධ අලාභ හානි සිදු වන බව රියැදුරෝ පවසති. ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවක දි පාලම මට්ටම දක්වා පස් දැමීමට පියවර ගෙන ඇතත් වර්ෂා නිසා පස් සොදා යාමට ලක්වන බැවින් මෙයට පියරක් ගන්නා ලෙස කඩුවෙල මහ නගර සභාවට දන්වා ඇතත් මෙතෙක් නගර සභාව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ඇඹුල්දෙණිය මාර්ගය දෙපස ප්‍රදේශවාසීහු පවසති.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...