පුවක්වැටියේ සුගුණවංශතිස්ස නාහිමි තෙමස් සමරුවට පින්කම් | දිනමිණ

පුවක්වැටියේ සුගුණවංශතිස්ස නාහිමි තෙමස් සමරුවට පින්කම්

අපවත් වූ කඩවත, පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුක්තික පර්ශ්වයේ අනුනායක පුවක්වැටියේ සුගුණවංශතිස්ස හිමියන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මහා සංඝරත්නය හැත්තෑපස් නමක් උදෙසා දානමය පින්කමක් එම විහාරස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.

මීට අමතරව එයට සමගාමීව කාව්‍යමය ධර්ම දේශනා මාලාවක් පවත්වා කුලදරුවකු සසුන්ගත කිරීම ද සිදු කෙරිණි.

වනවාසල පුරාණ විහාරාධිපති කෝට්ටේ ධම්මසංඝ සභාවේ උපාධාන්‍ය කොටුවිල විමලකිත්ති, කැලණිය පොල්හේන ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර මහා නිකායේ මූලවංශ පාර්ශ්වයේ අනුනායක ගෙවිලිපිටියේ පඤ්ඤාරංසි හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පින්කම සඳහා මෙම විහාරස්ථානයේ විහාරාධිපති සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක මීවලදෙණියේ අමරවංශ හිමි මෙහි විහාරාධිකාරී කඩවත රතනවංශ හිමි ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

මහර සමූහ 

නව අදහස දක්වන්න