ලේක්හවුස් මේස පන්දු පිලට ජයග්‍රහණ ත්‍රිත්වයක් | දිනමිණ

ලේක්හවුස් මේස පන්දු පිලට ජයග්‍රහණ ත්‍රිත්වයක්

ජනසතු සේවා මේස පන්දු තරගාවලිය

ජනසතු සේවා මේස පන්දු සංගමය සංවිධාන කළ ජනසතු සේවා මේස පන්දු ආධුනික හා ප්‍රවීණයන්ගේ තරගාවලියේදී ජයග්‍රහණ ත්‍රිත්වයක් හිමිකර ගැනීමට ලේක්හවුස් ආයතනය නියෝජනය කළ කණ්ඩායම සමත් විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 250කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති තරගාවලියේ ප්‍රවීණයන්ගේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට ලේක්හවුස් පිල සමත් වූ අතර ප්‍රවීණයන්ගේ තරගාවලියේ කාන්තා කේවල අනුශූරතාව හා පිරිමි ආධුනික යුගල අනුශූරතාවද ලේක්හවුස් පිල සතුවිය. මේ කණ්ඩායමට චම්පා විමලවර්ධන ද සිල්වා, චමින්ද විජේගුණවර්ධන, තිස්ස ධම්මික, සුසිල් පෙරේරා හා ඩී.සී.පතිරණ එක්ව සිටියහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...