ස්පාඤ්ඤ රජයෙන් කැටලෝනියානු පාලනයට දින 5ක් | දිනමිණ

ස්පාඤ්ඤ රජයෙන් කැටලෝනියානු පාලනයට දින 5ක්

කැටලෝනියා ප්‍රාන්තය වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත්කර ඇද්දැයි, යන්න තහවුරු කිරීම සඳහා ස්පාඤ්ඤ රජය කැටලෝනියානු පාලනයට දින 5ක අවසන් කාල සීමාවක් ලබා දී ඇත.

යම් හෙයකින් තමන් ස්වාධීනත්වය ප්‍රකාශ කර ඇති බව, කැටලෝනියාව ප්‍රකාශ කළහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රාන්තය මධ්‍යම රජයට පවරා ගැනීමට ස්පාඤ්ඤය සූදානම් වේ. කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් මිදී ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පසුගියදා පැවැත්වුණි.

එහිදී 90% පිරිසක් ස්වාධීනත්වය ලබා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඡන්දය ලබා දී තිබුණි. එම ප්‍රතිඵලයට අනූව ඉදිරියේ දී කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමත් සූදානම් බව කැටලෝනියානු නායක කාල්ස් විජ්මන්ට් කියා සිටියේය.

නමුත්, ඊට පෙර ස්පාඤ්ඤය සමග සාකච්ජා මාර්ගයෙන් මේ සදහා විසඳුමක් ලබාගැනීමට අවශ්‍ය බව ඔහු සඳහන් කළේය.

අදාළ ජනමත විචාරණය ව්‍යවස්ථානුකූල නොවන බව ස්පාඤ්ඤය පවසයි. යම් හෙයකින් ස්වාධීනත්වය ප්‍රකාශ කළහොත් කැටලෝනියාවේ ප්‍රාන්ත පාලනය අවසන් කර, මධ්‍යම රජයට පවරා ගැනීමට ව්‍යවස්ථානුකූල බලය තිබෙන බව ස්පාඤ්ඤය ප්‍රකාශ කරනු ලැබේ.

නව අදහස දක්වන්න