දෙස් විදෙස් තර­ග­වල දී IIT ජයගනී | දිනමිණ

දෙස් විදෙස් තර­ග­වල දී IIT ජයගනී

ජාත්‍යන්තර මෙන්ම දේශීය තොරතුරු තාක්ෂණ තරගවලින් කීර්තියක් අත්කරගෙන ඇති ඉන්ෆොමැටික්ස් අධ්‍යාපන ආයතනය එය තව දුරටත් ඉදිරියට ගෙන යමින් මේ වසරේ පළමු කාර්තු 2 වන විටත් ජයග්‍රහන රාශියක් අත්කර ගැනීමට සමත්වී ඇත.

IIT උපාධි අපේක්ෂකයකු වන ඉසුරු සම්පත් කාරියවසම්ගේ නවතම හඳුන්වාදීම වන “Orasi 2.0 World” මෘදුකාංගය mBillionth සම්මානය දිනා ගැනීමට සමත් විය. එම නිර්මාණය දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට හිතකාමී පරිශීලකත්වයකින් යුතු වන බ්රේසල් නොවන අන්තර්ගතයන්ට ප්‍රවේශවීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙයි. ඉසුරු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර, එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් සරසවියේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් සිටී.

මේ වසරේ පළමු කාර්තුවේදී IIT ශිෂ්‍යයන් “Angelhack 2017” හි ශ්‍රී ලාංකීය ජයග්‍රාහකයන් ලෙස තේරී පත් වී ඇත. “Angelhack” යනු ඩයලොග් IdeaMart සහයෝගීත්වයෙන් පවත්වනු ලබන ගෝලීය hackathon තරගමාලාවකි. මෙහි දී මෘදුකාංග උපාධි අපේක්ෂකයන් වන, අත්‍යබ් අමීර්, ඇන්ඩෘ ජෝශාන්ත්, කැෂාෂ් කුමරාසන් හා ගනේෂම් යෝගනන්දාසිවම් යන සිසුන් ජයග්‍රාහී IIT කණ්ඩායම නියෝජනය කළේය.

මේ අතර ශ්‍රී ලංකා හොඳම සේවා යෝජක හා සන්නාම සම්මාන උළෙලේ දී (Sri Lanka Best Employer Brand Awards and Leadership Awards 2017)IIT ආයතනයේ උපාධිධාරියකු, ප්‍රධාන ආයතනික පුහුණුකරුවකු, ව්‍යාපාර කළමනාකරණ දේශකයකු හා අලෙවිකරණ විශේෂඥයකු වන ප්‍රසන්න පද්මනාදන් “වසරේ දක්ෂතම ව්‍යවසාය පුහුණුකරු”සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2017 වර්ෂයේ HRD කොංග්‍රසය විසින් පවත්වන ලද පුහුණු හා සංවර්ධනය පිළිබඳ නායකත්ව සමුළුවෙහි දී ලොව ඉහළම ව්‍යවසාය පුහුණුකරුවන් 100 දෙනා අතරට ද, 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් 10 දෙනා (TYOP) සහ දකණු ආසියාවේ විශිෂ්ටතම ආයතනික පුහුණුකරු ලෙස ද ඔහු තේරී පත් විය.

මේ වසරේ දිගු ජයග්‍රහන ලැයිස්තුව තවත් දීර්ඝ කරමින් IIT සිසුන් 8 දෙනෙක් ගූගල් සමර් ඔෆ් කෝඩ් 2017 (Google Summer of Code 2017) සඳහා ද තේරීපත් වූහ. මේ සඳහා සවින්දු ඩයස්, තිලොෂන් නාගරාජා, රවිඳු පෙරේරා, චානක ද සිල්වා, සුපුන් ප්‍රමෝද වන්නිආරච්චි, කුමරනාත් ප්‍රනාන්දු, අචින්ත්‍ය විජේසේකර සහ කවින්දි ඇල්විටිගල යන සිසුහු තේරී පත් වූහ.

මේ වන විට IIT ආයතනය දේශීය හා අන්තර්ජාතික මට්ටමෙන් බොහෝ සම්මාන දිනා ඇති අතර, මයික්‍රාසොෆ්ට් ඉමැජින් කප් (Microsoft Imagine Cup) , නැෂනල් බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයා අවොර්ඩ්ස් (National Best Quality Software Awards (NBQSA)), APICTA, British Council-HSBC Youth Enterprise Award and e-Swabhimani යන සම්මාන ඉන් කිහිපයකි. 

නව අදහස දක්වන්න