ජාතික අප­න­යන උපා­ය­මා­ර්ගික සැලැස්මක් | දිනමිණ

ජාතික අප­න­යන උපා­ය­මා­ර්ගික සැලැස්මක්

 

ජාතික අපනයන උපාය මාර්ගික ප්‍රතිපත්තිය මගින් ඉලක්කගත ක්ෂේත්‍ර හයක් සංවර්ධනයට සැලසුම්

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන ජාතික අපනයන උපාය මාර්ගික සැපැස්ම සකස් කිරීමේ කටයුතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුකෙරෙමින් පවතී. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාශයේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලබන අතර ව්‍යාපෘතිය යුරෝපීය සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් සහ ජිනීවාහි අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම වසර පහක් පුරා ක්‍රියාතමක කිරීමට අපේක්ෂිත අතර එමඟින් නැගී එන නිෂ්පාදන හා සේවා අංශ ශක්තිමත් කිරීම තුළින් අපනයන විවිධාංගීකරණය කිරීම සිදුකරන අතරම පරිණත නිෂ්පාදන ක්ෂේත්‍රයන්ගේ තිරසරබව සුරක්ෂිත කිරීමද සිදකෙරේ.

තොරතුරු තාක්ෂණ, සුව සේවා සංචරණය, කුළු බඩු ආශ්‍රිත නිෂ්පාදන, බෝට්ටු නිෂ්පාදන, සකස් කළ ආහාර හා පාන වර්ග, ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් උපකරණ යන ක්ෂේත්‍ර මෙහිදී ඉලක්කගත ක්ෂේත්‍රවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මඟ පෙන්වීම යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය හා ආයෝජන මණ්ඩලය විසින් සිදු කරන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක විශ්ලේෂණයන් මත පදනම් ව මෙම ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබේ.එමෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, මැකින්සි සමාගම, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය සහ ලෝක බැංකුව විසින් කරන ලද විශ්ලේෂණයන්ද මෙහිදී පදනම් කරගෙන ඇත.

ඒ අනුව මෙම හඳුනාගත් ක්ෂේත්‍ර සංවර්ධනය සදහා අවශ්‍ය පසුබිම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන අතර එම ක්‍රිවලිය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විහිදී සංවර්ධනය වනු ඇත. 

නව අදහස දක්වන්න